Colombo Today Local News

දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?

“දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?” මැයෙන් කුඩු ජාවාරම සහ මෙරට පාතාලය පිළිබඳව ඇඟ කිලිපොලා යන ලිපියක් මහේෂ් බණ්ඩාර නැමති පුද්ගලයෙකු විසින් පොලිස්පතිවරයා වෙත email ඔස්සේ යවා ඇත. එම ලිපිය සියලුම මාධ්‍ය වෙත ද නිකුත්කර ඇති අතර පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

පොට්ට වජිර AK 47 ගිනි අවියක් අතැතිව

2018වසරේ නොවැම්බර් මස දිනක උදෑසන වවිනතිව් පොලිස් මුරපොළට රාජකාරි භාරගැනීමට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට දැකගත හැකි වූයේ භීෂණකාරී දසුනකි. ආරක්ෂාවට ස්ථාපිත කර තිබූ එම මුරපොළෙහි රාත්‍රී රාජකාරී භාරව සිටි සහෝදර පොලිස් නිලධාරීන් දෙදෙනාම උල් ආයුධයකින් ඇන වෙඩි තබා ඝාතනය කර දමා තිබුණි. එම භීෂණකාරී සිද්ධිය සම්බන්ධයෙන් ඇරඹි විමර්ෂණ වහාම මෙවන් ඝාතන සම්බන්ධයෙන් මෙරට පොලිස් නිලධාරීන්ගේ සුපුරුදු සැකකරුවා වන එල්ටීටීඊ සංවිධානය දෙසට යොමු වන ලදී. විමර්ෂණ අතරතුර කඩිනමින් මහවිරු දිනයට සහභාගී වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු ද අත්අඩංගුවට ගන්නා ලද අතර එම පුද්ගලයාට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඊළග වසරේ පාස්කු ඉරු දින වන තෙක් බලා සිටීමට සිදු විය. විමර්ෂණ නිලධාරීන් සුපුරුදු සැකකරුවන්ගේ ඉව පාරවල් ඔස්සේ ගොස් මංමුලා නොවුනා නම් සහරාන් කල්ලියෙහි අවසාන ඝාතනයන් වව්නතිව් ඝාතනයන් වීමට ඉඩ තිබුණු නමුත් අවසානාවකට ජීවිත සිය ගණනක් බිලි ගන්නා තෙක් සැබෑ ඝාතකයන් විමර්ෂණ නිලධාරීන්ගේ දෑස්වලින් වසන් වී තිබූණි.

අද වන විට මෙරට දුවා දරුවන්ගේ ජීවිත බිලි ගන්නා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ද විමර්ෂණ නිලධාරීන්ගේ දෑස් පවතින්නේ 2018 නොවැම්බර් මස වව්නතිව් ඝාතකයන් සම්බන්ධයෙන් පැවතුන ආකාරයටමය. මේ වන විට ලංකාවේ කිසියම් තැනක අති විශාල මත්කුඩු තොගයක් සගවා තිබෙන බව පොලිස් නිලධාරීන්ට මෙන්ම මෙරට පාතාලයට ද නොරහසකි. පසුගිය දිනවල මාතර දෙයියන්දරදී තරුණ යුවලක් විසින් ප්‍රවාහනය කරමින් සිටියදී හසුවූ කිලෝ 75ක් පමණ විශාල මත්කුඩු තොගය එම විශාල තොගයේම සුළු කොටසක් පමණක් බවත් අද වන විටත් එම තොගයේ කුඩු මෙරට තුළ සංසරණය වෙමින් පවතින බවත් නොරහසකි. මේ කුඩු තොගයේ කතාව මෙරට පාතාලයේ සංකිර්ණත්වය විදහා පාන කතාවකි.මේ විශේෂ අනාවරණය ඒ සම්බන්ධයෙනි.

දෙයියන්දරින් හමුවූ කුඩු තොගය සහ ඒ ආසන්න කාලයේ මෙරට තුළින් සොයා ගත් කුඩු තොග කිහිපයක්ම මෙරට දැනටත් රහසිගතව පවතින දැවැන්ත කුඩු තොගයක කොටසක් පමණක් වන අතර එම විශාල කුඩු තොගය මෙරටට එවා ඇත්තේ මාළිගාවත්තේ රුවන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් ඩුබායි නගරයේ සිට ය. මාළිගාවත්තේ රුවන් යනු පංචිකාවත්ත ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටිමින්ම පාතාල ලෝකයට සම්බන්ධ වූ තැනැත්තෙකි. ඔහු මේ වන විට සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයට පළා ගොසිනි. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නිතර කියවෙන නමක් නොවුනද මෙරට මත්කුඩු ආනයනයේ ප්‍රමුඛයෙකු ලෙස සැළකෙන්නේ මෙම තැනැත්තාය. වාහන අමතර කොටස් අලෙවියද ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරයක් වන හෙයින් එයට මුවා වී මත්කුඩු ජාවාරම අඛණ්ඩව කරගෙන යාමට මෙම තැනැත්තාට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත.

මෙම විශාල කුඩු තොගය මෙරටට ගෙන ඒමේදී මාළිගාවත්තේ රුවන් විසින් තවත් පාතාල සාමාජිකයෙකු වන කුමාරගේ සහය ලබා ගන්නා ලදී. හොරණ ප්‍රදේශයෙහි සිදුවූ කොල්ලයකදී වෙඩි කා පාතාලයේ පන්නරය ලබා සිටින කුමාර මෙම ක්‍රියාවලිය සදහා අද වන විට ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට කුඩු ගෙන්වීම පිළිබදව නම් දරා සිටින මධුශාන් ආබෘද දායක කර ගනී.

මධුශාන් ආබෘ යනු අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියෙහි වෙඩික්කරුවෙකුව සිටිමින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ තැනැත්තෙකි.මාකදුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ පාතාල වලල්ලේ ප්‍රබල සාමාජිකාවක වූ කුඩු සෙල්වි නැමැත්තිය ඝාතනය කරන්නේ පූකුටිකන්නා නම් පාතාල නායකයා විසින් ජම්පටා වීදිය මූලික කරගත් මත්කුඩු ජාවාරමේ කිරුළ පැහැර ගැනීමට ය. එම ඝාතනයේ වාඩුව ගැනීමටමේ වන විට ඉන්දියාවේ සිටින පූකුටිකන්නාගේ පියා ඇතුළුඥාතීන් කිහිප දෙනෙකුම ජම්පටා වීදියේදීඝාතනය වන්නේ මධුශාන් ආබෘ අතිනි. ඒ ඔස්සේ ආරම්භ වූ ඝාතන රැල්ල ජම්පටා වීදිය කේන්ද්‍රකරගත් ප්‍රදේශයම සසල කරමින්් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙරටට ධීවර බෝට්ටු මගින් ගෙන්වන කුඩු බොහෝ විට නැව් මගින් ගෙන්වන අතර ගැඹුරු මුහුදේදී ඒවා ධීවර බෝට්ටුවලට පටවනු ලැබේ. ඇතැම් විට එකී මත්කුඩු තොග ජලය ඇතුළු නොවන ලෙසට සීල් කොට මුහුදට මුදා හරින අතර එම ස්ථානයට අදාළ ජීපීඑස් ඛණ්ඩාංකය කුඩු තොගය භාරගන්නා ධීවර බෝට්ටුවලට දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රියාවලිය සාපේක්ෂව අවධානමින් අවම වුවද කුඩු තොගය ඒවා අයත් පුද්ගලයන් වෙතින් අස්ථානගත වීමේ ඉඩ ප්‍රස්ථාව අධිකය. පසුගිය කාලයේ හලාවත, බලපිටිය ආදී ප්‍රදේශ ගණනාවකින් හසුවූ මත්කුඩු තොගමුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ පරිමාව පිළිබදව ඉගි ලබා දෙයි.

දෙයියන්දරින් හමුවූ මත්කුඩු තොගය

මෙරට ජනතාවට පෙනෙන්නේ මත්කුඩු පොලිසියට හසුවීම පමණක් වුවද මෙරටට එවන මත්කුඩු තොග ඇතැම් අවස්ථාවන්හිදී ඒවායේ අරමුණුගත පුද්ගලයන් වෙත නොලැබී වෙනත් පාතාල කල්ලි විසින් පැහැර ගන්නා අවස්ථා ද අනන්තවත් පවතී. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම කුඩු තොගයට සිදුවී ඇත්තේ ද එයමය. මෙම කුඩු තොගය මුහුදේදීම මධුශාන් ආබෘ සහ කුමාර එක්වී පැහැර ගන්නා ලද අතර මාළිගාවත්තේ රුවන්ට දැනුම් දෙන්නේ පොලිසියට මත්කුඩු හසුවූ බවකි. ඒ පාඩුව දැන් රුවන්දරා ගත යුතු ය. මදුශාන් ආබෘද තම බාල සහෝදරයාගේ නමින් සකසා ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගනිමින් ඕනෑම අවස්ථාවක රටෙන් පළා යාමට සූදානම්ව සිටින බවට ද තොරතුරු ලැබී ඇත.

අද වන විට මෙම මත්කුඩු තොගය මෙම කල්ලියේම තවත් සාමාජිකයන් දෙදෙනෙකු වන රොටඹ අමිල සහ අලුත්ගම සංජීව නොහොත් පැටී යන දෙදෙනා විසින් දකුණේ තවමත් නිශ්චිතව හදුනා නොගත් කිසියම් ස්ථානයක සගවා තබා ගෙන සිටින බවට අප වෙත තොරතුරු පවතී.තවත් කිලෝ පනහක පමණ කොටසක් මට්ටක්කුලියේ රොෂාන් සන්තකයේ පවතින බවටද තොරතුරු පවතී. වරින් වර මෙරටින් මතුවන ඇතැම් කුඩු තොග එයාකාරයට මතුවන්නේ මෙම කුඩු තොගයේ කොටස් දිවයින පුරා සිටින ප්‍රදේශීය ගැණූම්කරුවන්ට ඛෙදා දීමේදී සිදුවන පොලිස් වැටලීම් හේතුවෙනි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව දෙයියන්දරදී හසුවූ තරුණ යුවළමෙම ඛෙදාහැරීමේ ජාලයට සම්බන්ධව ඇත්තේ එක් තොගයක් ප්‍රවාහනය සදහා රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබා ගැනීමේ පදනම මත ය. මෙම පැකේජයට අනුව වාහනය පවා ලබා දෙනු ලබන්නේ ද පොට්ට වජිර විසින් වන අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ට සිදු කිරීමට ඇත්තේ මත්කුඩු සහිත වාහනය දැනුම් දෙන ස්ථානයට රැගෙන යාම පමණි. මෙම මත්කුඩු ප්‍රවාහනයට යොදා ගනු ලබන වාහනය කිසියම් නිශ්චිත තැනකට ගෙන ඒමට දැනුම් දීමෙන් අනතුරුව රොටඹ අමිල ඇතුළු කණ්ඩායම විසින් එම වාහනය රැගෙන ගොස් මත්ද්‍රව්‍ය අසුරා නැවතත් වෙනත් ස්ථානයකට වාහනය ගෙනවිත් තබන අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ට මත්කුඩු තොගය පිළිබද වෙනත් තොරතුරක් ලැබීම ඉන් වළක්වාලනු ලබයි.

අපට ලැබී ඇති තොරතුරු අනුව මේ දැවැන්ත කුඩු තොගය මේ වන විට තිඛෙන්නේ රොටඹ අමිල සහ අලුත්ගම සංජීව නොහොත් පැටී යන දෙදෙනා භාරයේ වුවද මේ මත්කුඩු තොගයේ අවසාන හිමිකාරීත්වය පවතින්නේ මේ ක්‍රියාවලියේ සැබෑ මොළකරු වන රන්තොටගෙදර වජිර කුමාර හෙවත් පොට්ට වජිර නැමැත්තාට ය. මාළිගාවත්තේ රුවන් වෙතින් කුඩු තොගය පැහැර ගැනීමේ පටන්ම මේ ක්‍රියාවලිය සැලසුම් කර ඊට නායකත්වය දී ඇත්තේ ද මේ වන විටත් එම ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ ද පොට්ට වජිර විසින් වන අතර මධුශාන් ආබෘගේ පටන් රොටඹ අමිල දක්වා සියල්ලන්ම වජිරගේ ඉත්තන් පමණක් බව පැවසේ.

2019 පෙබරවාරි මස මාකදුරේ මධුෂ් අනුවණ ආකරයෙන් පැවැත්වූ උපන්දින සාදය හේතුවෙන් ලංකා පාතාලයේ කෙරුම්කරුවන් ගණනකට තමන් දරා සිටි කිරුළු අහිමි වූ අතර ඉතිරිව සිටි ප්‍රමුඛතම පාතාල නායකයා වූ අංගොඩ ලොක්කා ගැන පවා හරිහමන් තොරතුරක් නොමැත. තොරතුරු ලැඛෙන ආකාරයට නම් ඔහුගේ සමීපතමයන්සමග පවා සෑහේන කලකින් අංගොඩ ලොක්කා සබ`දකමක් පවත්වා නොමැත. මෙරට හා ඉන්දීය ආරක්ෂක අංශ පවසන ආකාරයෙන් ඔහු මරණයට පත්ව තිබීමේ ලොකු ඉඩක් පවතී. ඇතිවී ඇති මේ ඉඩ තුළ නායකයන් කිහිප දෙනෙකු මතු වී සිටින අතර ඉන් මාධ්‍ය ඔස්සේ වැඩියෙන්ම කියවෙන නම බවට පත්ව ඇත්තේ මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාය. මේ වන විට අහුවෙන කුඩු තොග සියල්ලම පොලිසිය මාධ්‍ය මගින් බැර කරන්නේ මේ නමට ය. මේ ඔස්සේ ඇතැම් විශාල කුඩු තොගයන්හි සැබෑ හිමිකරුවන් මාධ්‍ය සහ පොලිස් අවධානයෙන් බැහැරව යමින් පවතී. මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න, මෙරටට මත්ද්‍රව්‍ය ආනයනය කරන්නන් අතර මුල් පෙලේ සිටින්නෙකු වුවද මෙරටට මත්ද්‍රව්‍ය ආනයනය කරන එකම තැනැත්තා ඔහු නොවේ. නමුත් මේ වන විට මාධ්‍ය මගින් හැගවෙන්නේ මෙරට මත්ද්‍රව්‍ය ආනයනයේ පරම හා එකම හිමිකරුවා මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා බව ය.

මාකදුරේ මධූෂ්අංගොඩ ලොක්කා

පොට්ට වජිර යන නම මාධ්‍ය මගින් කියවෙන්නේම නැති තරම් වුවද මෙරට පාතාලයේ මේ තාක් සිටි අති දක්ෂ සැලසුම්කරුවෙකු වන්නේ මේ තැනැත්තා ය. වජිරගේ නමට ඇති අපරාධ රාශියකි. ඒ අතරින් කෙරවළපිටියේ මංකොල්ලයකදී සිදු කරන ලද පුද්ගල ඝාතනය, මාතර ධීවර බෝට්ටු හිමිකරුවෙකු වූ තේජත මුදලාලිගේ නිවස මංකොල්ල කෑම, වැලිගම ප්‍රකට බස් ව්‍යාපාරිකයෙකුගේ නිවස කොල්ල කෑම, පිළිමතළාවේ රන් කොල්ලය, මාතර තුඩාවේදී ෆාම් මංජු වෙඩි තබා ඝාතනය කිරීම, හංවැල්ල මහජන බැංකුව කොල්ල කෑම, අංගොඩ හිඹුටාන ඵීණ ක‍දබිඑරමජඑසදබිකොල්ලය (අදටත් මෙම කොල්ලය නොවිසදුණු අපරාධයක් ලෙස පවතී) ප්‍රධානය. වජිරගේ සැලසුම්කරණ දක්ෂතාවය කොතරම්ද යත් වජිර විසින් ජාඇල පිංතු නැමැත්තාගේ සහය ඇතිව හංවැල්ල මහජන බැංකු කොල්ලය සැලසුම් කරන්නේ බන්ධනාගාරගතව සිටිද්දී ය. මෙරට පාතාලයේ ප්‍රමුඛතම මෙහෙයුමක් වූ කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයක් තුළදී සමයං නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සදහා අවශ්‍ය වූ ස්වයංක්‍රීය ගිනි අවි සම්පාදනය කරන ලද්දේ ද වජිර විසින් බව කියැවේ.

මංකොල්ල කෑම් මගින් තම පාතාල ජීවිතය ආරම්භ කරන වජිර,පොට්ට වජිර බවට පත්වන්නේ 2017 වසරේ මංකොල්ලයක් සදහා යන අතරතුර කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරක් හේතුවෙනි. වෙඩිල්ල මුඛය හරහා ගොස් ඇස් අසලින් පිටවුවද වජිරට ජීවත් වීමට වාසනාව ලැබේ. එම වෙඩි පහර හේතුවෙන් අන්ධ වුවද ඉන් පසුවද සිදුවූ පාතාල ඝාතන කිහිපයකටම වජිරගේ නම ඈදී පවතී.තමන්ට වෙඩි තැබුවේයැයි විශ්වාස කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ධර්මප්‍රියගේ දරුවෙකු ඝාතනය කරන බවට වජිර සපථ කර සිටින බව පැවසේ. හුදු සපථ කිරීමට සීමා නොවී වජිර විසින් තවත් පාතාල සාමාජිකයෙකු වන ඉරේෂ් නැමැත්තා සමග එම ඝාතනය සැලසුම් කරමින් පසු විය. කෙසේ වෙතත් ඉරේෂ් නැමැත්තා ද මහනුවර දී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරකින් ඝාතනය වූ හෙයින් එම සැලැස්ම අඩාල වුවද පොලිස් පරීක්ෂක ධර්මප්‍රියට පවත්නා අවධානම අදටත් පහව ගොස් නොමැති බවත් තම දෑස අහිමි වීමේ සහ ගෝලයාගේ මරණයේ පළිය ගැනීමට පොට්ට වජිර දත කමින් සිටින බවත් පොට්ට වජිර ගැන තතු දන්නෝ පවසති.

කුරණ දී සිදුවූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව ලබා ගත් ඡායාරූපයක්

ඒ වන විට පාතාලයේ පළමු පෙළනායකයන් වූ මාකදුරේ මධුෂ් , කංජිපානි ඉම්රාන්, අංගොඩ ලොක්කා, ආදීන් නිදැල්ලේ විදේශගතව සිටිමින් මෙරට පාතාලය මෙහෙයවද්දී වජිර සිටියේ එම කල්ලියේම දෙවන පෙළ නායකයෙකු වශයෙන් යටිබිම්ගතව ය. තම කල්ලියේ පළමු පෙළ වසර එකහමාරක් වැනි කාලයක් තුළ එක්වරම බිදවැටීම හේතුවෙන් වජිරට මේ වන විට අවස්ථාව පෑදී ඇත. උප්පතියෙන්ම උරුම වූ නිර්භීත භාවයට අන්ධ වූ පසුව හිමිවන විවේක බුද්ධිය ද එක්වී මේ වන විට වජිර ලංකා පාතාලයේ දක්ෂතම සැලසුම්කරුවෙකු බවට පත්වී අවසානය.

බොහෝ පාතාල සැලසුම්කරුවන් දිවයිනෙන් බැහැරව සිටියද පොට්ට වජිර තවමත් සිටින්නේ ලංකාව තුළ සැ`ගවී ගෙන ය.මේ වන විට දිවයින පුරා අධිකරණ කිහිපයක නඩු කටයුතු වජිරට එරෙහිව පැවතියද ඒ නඩුවල පවා ඔහුගේ නියම අනන්‍යතාවය දක්වා නොමැති බව කියවේ. ස්වකීය රහසිගතභාවයතබා ගැනීම සදහා වජිර විසින් නොකරන දෙයක් නැති තරම්ය. තම ජංගම දුරකථනයේ ඇමතුම් පහසුකම් සදහා දමන රීලෝඩ් කාඩ්පත පවා භාවිතයෙන් අනතුරුව පුළුස්සා දමන මට්ටමේ රහසිගත භාවයක් වජිර විසින් පවත්වාගෙන යයි.

දෙයියන්දරින් හසුවූ මේ කුඩු තොගය මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න නමට බැර කිරීම පිටුපස ඇත්තටම සිටින මහමොළකරු වන්නේ ද පොට්ට වජිරය. කුඩු ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා පසුපෙළ ඉත්තන්ට පොට්ට වජිරගේ ගෝලයන් විසින් දැනුම් දෙන්නේ තමන් ප්‍රවාහනය කරන කුඩු තොගයේ හිමිකරු හරක් කටා බව ය. යම් හෙයකින් එම පසුපෙළ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින් පොලිසියට හසුවුවහොත් පොලිසියට දෙන නම වන්නේ එයයි. මෙරට පොලිසිය හා මාධ්‍ය පොට්ට වජිරගේ මෙම සැලසුමට පසුගිය කාලයෙහි අවස්ථා කිහිපයකදීම හසුවිය. පොලිස් නිලධාරීන් හට මේ වන විට නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නම් සුපුරුදු සැකකරුවෙකු ලැබී තිඛෙන අතර එකී ඉව පාර ඔස්සේ යමින් විමර්ෂන නිලධාරීන් මෙන්ම රටම මේ වන විට මංමුළා වෙමින් පවතී.

මේ සැලැස්මේ භයානකත්වය වන්නේ මේ විශාල කුඩු තොගය තවමත් පොලිස් විමර්ශණ නිලධාරීන්ගේ ඇස වසා නිරුපද්‍රිතව ලංකාව තු=ළකොහේ හෝ සගවා තිබීමය. මෙම මත්කුඩු තොගය මාස කිහිපයකට මෙරට මත්කුඩු අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකි මට්ටමේ දැවැන්ත තොගයක් බවද කියැවේ. මෙවන් කුඩු තොගයක් මෙරට දුවා දරුවන්ගේ අනාගතය අදුරු කරවමින් දෑස් අන්ධව අදුරේ පසුවන්නෙකුගේම සැලසුමකට අනුව සැගවී පැවතීම කණගාටුවට කරුණකි.

Related posts

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

ඉඩම් කොල්ලයක තොරතුරු දුන් ගොවියාට ගුටි පුජාවක්

colombotoday

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

colombotoday

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday