Colombo Today Local News

සංකූලතා නැති 60 පන්නපු අයටත් සිනොෆාම් එන්නත

සංකූලතා නොමැති වයස අවුරුදු 60 ඉක්මවූවන්ටද ‘සිනොෆාම්’ එන්නත ලබාදීමට කොවිඩ් පාලන, ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (13)දින තීරණය කර ඇත.

කොවිඩ් කාර්ය සාධක බළකායේ දී ගත් මෙම තීරණයට අනුව අද (14 )දිනයේ සිට සංකූලතා නොමැති වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සිනොෆාම් එන්නත ලබා දෙන බව රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවාය. මෙතෙක් සිනොෆාම් එන්නත ලබාදුන්නේ වයස අවුරුදු 30-60ත් අතර වයසේ පසුවූවන්ට පමණි.

මේ වන විට චීනයේ නිෂ්පාදිත එන්නත් ලක්ෂ හයක් ලැබී ඇති තර ඒවා එන්නත් කරණය සිදුවේ. තවත් එන්නත් ලක්ෂ තුනක් කඩිනමින් චීනයෙන් ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

Related posts

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

මත් පෙති 3000ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

colombotoday

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday