Colombo Today Local News

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි.

එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරන්නේ, එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි.

කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩු බව ද ඔහු පවසයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කර තිබේ.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවයි.

ලොව රටවල් 75කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ ය.

Related posts

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

colombotoday

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

වෙන වෙනම තරග කර ප්‍රාදේශීය සභා, පළාත් සභා හවුලේ පාලනය කරන්න එකගත්වයක් !

colombotoday

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍යව රෝහලේ.. ආණ්ඩුව ඇහැක් ඇර නොබලයි

colombotoday