Colombo Today Local News

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

දකුණු පළාතේ හෙට(11) දින පාසල් 6ක් ආරම්භ නොකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

දැනට හුදකලා කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්දුව හා මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර යන ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ පිහිටි පාසල් 6 විවෘත නොකරණ බවද ඒ මහතා පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි තුන්දුව මුස්ලිම් විද්‍යාලය, ජේ.ඩි ධර්මසේන විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ පිහිටි යෝනකපුර මිල්හාර ජාතික පාසල දික්වැල්ල කුමාරතුංග මුනිදාස පාසල, වැලිගම අරිපා ජාතික පාසල වැලිගම මුස්ලිම් විද්‍යාලය හෙට (11)දින්මයේ විවෘත නොකරණ බවද ඒ මහතා පවසයි.

දකුණු පළාතේ සෙසු පාසල් සුපුරුදු පරිදි සෞඛ්‍ය නිර්දේශ අනුව හෙට දින විවෘත කරන බවත් දිනපතා සෞඛ්‍ය තත්වය පිළිබද සමාලෝචනය කරණ බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම්වරයා පවසයි.

දකුණු පළාතේ පළාත් සභා පාසල් 1045ක් හා ජාතික පාසල් 67ක් තිබේ.

Related posts

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

colombotoday

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday

මහින්දානන්දගේ පාවාදීමේ චෝදනාවට සාක්ෂි නැතිනම් ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරන්නැයි මාලිංග කියයි

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin