Colombo Today Local News

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

mithrepala-sirisena-02

වත්මන් ආණ්ඩුව රට පාවා දෙමින් රට කැඞීමට උත්සාහ කරන බවටත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට සූදානම්වන බවත්, බුදු පිළිම ඉවත් කරන බවත්, එමෙන්ම උතුරේ හමුදා කදවුරු ඉවත් කරන බවත් කියන සියළු දෙනාට, එවැනි සිදුවීම් සිදුවන්නේ කොතනදැයි තමා දැනුවත් කරන ලෙස ඉතා කාරුණිකව ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මිණිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ආරම්භ කරමින් ඊයේ (6) පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

අද ඇතැමුන් හෙට ඉර පායන්නට පෙර ආණ්ඩුව කඩා වැටෙන අයුරින් විවිධ ප‍්‍රකාශ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා අලූතින් ආණ්ඩුවක් පත් වූ විට සියලූදෙනාගේ වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් එම ආණ්ඩුවට සහාය දැක්වීම මිස විවේචන කරමින් සිටීම නොවන බව ද කියා සිටියේය. රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විදිමින් විවේචකයින් කුමන විවේචන සිදු කළද රටට වැඩක් කිරීමට කැමති සියලූදෙනා එක්කර ගනිමින් රට ගොඩනගන බව ජනාධිපතිවරයා පැවසීය.

Related posts

කොළඹ ආරක්ෂාව තර කෙරේ.. ආරක්ෂක අංශ සීරුවෙන්

colombotoday

විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් 430දෙනෙකුට කොරෝනා

colombotoday

ඉන්ධන මිල අඩු කලා වගේ ආහාර මිලත් අඩු කරනවා

Admin

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

Admin

සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය යථාවත් කිරීමට සූදානමක්

colombotoday