Colombo Today Local News

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල‍ට ගෑස්

පවතින සංචිත උපයෝගී කර ගනිමින් අද (9) හා හෙට (10) දෙදින කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත ගෑස් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දෛනිකව සිලින්ඩර් 15,000 බැගින් නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

ලබන බ්‍රහස්පතින්දා මෙරට ළඟාවීමට නියමිතව තිබූ ගෑස් රැගත් නෞකාව හෙට පස්වරුව වන විට දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත්වී කටයුතු කරමින් ඇති බව ද සභාපතිවරයා සඳහන් කරයි.

ඔහු පැවසුවේ, එම තත්ත්වයන් යටතේ අද හා හෙට පවතින සංචිත මගින් ගෑස් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු පවසයි.

ළඟා වන නෞකාවේ ඇති ගෑස් ලබන බදාදා සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව ද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

හෙට (10) පස්වරුවේ ළඟාවීමට නියමිත නෞකාවට හා ලබන සෙනසුරාදා ළඟා වීමට නියමිත නෞකාව වෙනුවෙන් ඩොලර් මිලියන 7 ක් අද දවසේ ගෙවීමට කටයුතු කරන බව ද ලිට්‍රෝ සමාගම මීට පෙර ප්‍රකාශ කළේ ය.

Related posts

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

ඇවන්ගාඩ් සිද්ධියෙන් කැබිනට්ටුව දෙදරයි, සම්මුතිවාදයට කණ කොකා හඩන හැඩයි.

colombotoday

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin