Colombo Today Local News

ශ්‍රීලනිප යේ ආරාධනාව මහින්ද සතුටින් බාරගනී !

mahinda r2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගහැරුවාදා රාත්‍රියේ ආරාධනා කර තිබේ.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා විසින් මෙම ආරාධනාපත්‍රය හිටපු ජනාධිපතිවරයාට බාර දී ඇති අතර, කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා එහි දී කියා ඇති අතර ඔහු ඇරයුම සතුටින් බාරගත් බව ද ඇමැතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ සිටියහොත් තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා පත්‍රය භාරදීමට ගිය අවස්‌ථාවේ ඔහු තමාට පැවැසු බවද ඇමතිවරයා පවසයි.

කෙසේ වෙතත් බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ, නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර හා, ශ්‍රීලනිපයේ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය අනුගමනය කරන පිළිවෙත සම්බන්ධයෙන් සලකා බලා සැප්තැම්බර් 4 පැවැත්වෙන පක්ෂ සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය වනු ඇති බවයි.

Related posts

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

මියගිය හා අබාධිත වූ රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවනවා – ජනපති නිදහස් උළෙලේදී සහතික වෙයි

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

පැරිස් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී තර්ජණ !

colombotoday