Colombo Today Local News

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග තවත් 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නීතිපතිවරයාගේ නිර්දේශ ලැබුණු වහාම එම ගැසට් නිවේදනය නිකුත් කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් හැඳි, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් ගෑරුප්පු, ඉඳි ආප්ප වට්ටි, කෘතිම තණ ඇතිරිලි, පොලිතින් මල් මාලා, ග්‍රොසරි බෑග් සහ සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් ද මීට පෙර ගැසට් නිවේදන මගින් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශයේ කටයුතු කළේය.

Related posts

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු අසුන රනිල්ට – කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

colombotoday

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday