Colombo Today Local News

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව දැනුම් දෙමින් විෂය භාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බව ඇය සඳහන් කළේය.

මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි, ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස නියෝග කර ඇති පසුබිමකදී ය.

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට ලබාදීමට නියම කෙරිණි.

පරිසර ක්‍රියාකාරිකයෙකු වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට මූලික වූවාය.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday

පහරදී ඝාතනය කර පිළිස්සු තරුණයෙකුගේ සිරුරක් පූජා නගරයේ

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday