Colombo Today Local News

පොලොන්නරුව, බැඳිවැව නීති විරෝධීව පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වටලයි

පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ජාවාරමක් වටලා බුරුත, කොහොඹ ආදී තහනම් දැව කඳන් සහ ඉරා සකස් කරන ලද දැව තොගයක් සමඟ එක් සැකකරුවෙකු අද (04)දින අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.

ලී ඉරීම සඳහා භාවිත කල ජංගම ලී ඉරුම් පට්ටලයක් යාන්ත්‍රික කියත් ආදියද එහි තිබී පොලීසිය බාරයට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු විසින් කාලයක් තිස්සේ රහසිගතව මෙම දැව ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණයවී ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

Related posts

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

colombotoday

ගෝඨාගේ පළමු මහජන රැළිය අනුරපුරේදී !

colombotoday

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

colombotoday

“මේක කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩක්..” ඇමති සංශෝධනේ ජනතාවට දැනෙන හැටි මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday