Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “දකුණු හා නැගෙනහිර ආසියානු කළාපයේ මහජන සෞඛ්‍ය සදහා වන විශිෂ්ඨතා සම්මානය“ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා තිබේ.

එම සම්මානය පිරිනමනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා අචාර්ය පූනම් සින්ග් මහත්මිය විසිනි.

ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවස්දී මෙම සම්මානය පිරිනැමීම සිදුවිය.

මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන සුවිශේෂී මෙහෙවර සහ දායකත්වය වෙනුවෙන් ඔහු වෙත මෙම සම්මානය පිරිනමා තිබේ.

මද්‍යසාර, දුම්කොළ හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය අවම කරමින් ජනාධිපතිවරයා ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ ඇතුළු පියවර රැසක් මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

Related posts

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

රිස්වාන්ගේ කඩෙන් ටොෆි කෑ ගල්කිස්සේ සිසුවියන් සිහිසුන්ව රෝහලේ.. කඩේ තාමත් විවෘතයි.. පොලිසිය නඩුව යට ගහයි !

colombotoday

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම නැති වෙන නීතියක්

Admin