Colombo Today Local News

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සයිබර් ආරක්ෂණයට මුවාවී සමාජ මාධ්‍ය පාලනයට නව නීති සම්පාදනය කිරීමට පෙර ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කිරීමට පියවර ගන්න

සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ පළවනු ලබන අන්තර්ගතයන් පාලනය කිරීමක් සදහා නව නීති සම්පාදනය කරන ලෙසත් එම නීති පසුගිය රජය විසින් සම්පාදනය කිරීමට මුල්වූ “සයිබර් ආරක්ෂණ පනතට” එක් කරනා ලෙසත් ආරක්ෂක ලේකම් විසින් යම් කණ්ඩායම් කිහිපයකට පසුගිය 23 වනදා උපදෙස් ලබාදී ඇති බවට ජනමාධ්‍ය වල සදහන් විය.

සයිබර් ආරක්ෂණයට මුවාවී සමාජ මාධ්‍ය පරිශිලකයින්ට ඇති භාෂණයේ නිදහසට මෙසේ බලපෑම් කිරීමට නීති සම්පාදනය සදහා ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කිරීම සම්බන්ධයෙන් අප තොරතුරු තාක්ෂණ සංවිධානයක් ලෙස දැඩිලෙස කනගාටුවට පත්වෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අකටයුතුකම් වැළැක්වීම සහ එම ක්‍රියාකාරකම් මෙහෙයවන පුද්ගලයින් නීතියේ රැහැනට කොටුකර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ පවතින නිති ප්‍රමාණවත් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස විශ්වාස කරමු.

යම් හෙයිකින් සමාජ මාධ්‍ය සදහා නව නීති අවශ්‍ය නම් තනි පුද්ගල අවශ්‍යතාවයකට හෝ යම් කණ්ඩායමකගේ තනි උවමනාවකට නීති සම්පාදනය නොවිය යුතු බවත් නීති සම්පාදනයට ප්‍රථම තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් සිටින ප්‍රවීණයන්ගෙන්, තොරතුරු තාක්ෂණ විෂය පදනම් කොටගෙන බිහිවී ඇති සංවිධාන සහ අනෙකුත් බහු පාර්ශවකරුවන්ගෙන් තොරතුරු විමසා බලා දීර්ඝ සාකච්චා පවත්වා සිදුවිය යුත්තක් යන්න අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස විශ්වාස කරමු.

සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය පාලනයට නීති සම්පාදනයට ප්‍රථම සමාජ මාධ්‍ය යහපත් ආකාරයෙන් භාවිතා කරනා ආකාරය පිලිබදව ජනතාව දනුවත් කිරීම වුවත් ඒ සදහා රජය හෝ වෙනත් වගකිවයුතු අමාත්‍යාංශයක් මේ දක්වා කටයුතු කිරීමක් පෙන්වා නොමැති අතර ඒ සම්බන්ධයෙන් අප තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැඩිලෙස කණගාටුවට පත්වෙමු.

ශ්‍රී ලංකාවේ මිලියන 6කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කරන අතර ඔවුන්ගෙන් බොහෝ ප්‍රමාණයක් ඩිජිටල් සාක්ෂරතාවය අතින් ඉතා පහල මට්ටමක සිටි. ශ්‍රී ලංකාවේ බොහෝ උගත් බුද්ධිමත් පුද්ගලයින්ද ඩිජිටල් සාක්ෂරතාවය අතින් ඉතා පහල ස්ථානයක සිටීම ඛේදවාචි කරුණක් වන අතර තත්වය එසේ තිබියදී සමාජ මාධ්‍ය පාලනයට නීති සම්පාදනය කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් යම් රාජ්‍ය ආයතන කිහිපයකට උපදෙස් ලබාදීම ප්‍රායෝගික නොවන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සදහන් කරන්නෙමු. වෛරී හා අපහාස ප්‍රකාශන යනු මොනවාද යන්න තීන්දු කිරීමට බලතල ඇත්තේ අධිකරණයට බැවින් ඒ සදහා ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related posts

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

දණ්ඩනීති පනත තාවකාලිකව නතර කළා විතරයි.. සංශෝධන සහිතව යළි ‍ගේනවා

colombotoday

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

colombotoday

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday