Colombo Today Local News

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම නැති වෙන නීතියක්

මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සදහන් කළේය.

මෙම පනත අනුව යම් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව බවත්, යම් අපේක්‍ෂකයකු එය ඉක්මවා වියදම් කර ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රීධූරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත් ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

colombotoday

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

“රාජපක්ෂ හිටියනම් වාහන මිල වැඩිවෙන්නේ 400%න්.. අපි නිසා මෙහෙමවත් බේරුණා” – නියෝජ්‍ය ඇමති හර්ෂ

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin