Colombo Today Local News

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

mahinda 25

රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මීළඟ ජනසටන පාද යාත්‍රාව වසර අවසානයේ මාතර සිට කොළඹ දක්වා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

කොළඹ සිට මාතර දක්වා වූ ප්‍රදේශ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් මීළඟ පාද යාත්‍රාව මෙම ප්‍රදේශ නියෝජනය කරමින් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.

මහනුවර සිට කොළඹ දක්වා පසුගියදා පැවැති පාද යාත්‍රාවට ජාතිවාදී තේමා යොදා ගැනීම යන කාරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර අර්බුදයක් ඇති විය.

මේ නිසා මෙම පාද යාත්‍රාව පැවැත්වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ අතර ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවද සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

Related posts

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin