Colombo Today Local News

“වීරවංශ රණවිරුවන් පාවා දුන්නා.. නීතිමය පියවර ගන්නවා“ ඇමති විජයදාස

vijedasa-rajapakshaශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කර ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා වත්මන් ආණ්ඩුව, ආරක්ෂක හමුදා මෙන්ම පසුගිය ආණ්ඩුවත් දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින අවස්ථාවක උතුරේ සමූහ මිනීවළක් පිළිබඳව කථාකරන කවරකු වුවත් ‘දේශයේ සහ රණවිරුවන්ගේ සතුරකු’ බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යුද්ධයේ අවසාන භාගයේදී මරා දැමුණු එල්ටීටීඊ සාමාජිකයන්ගේ මළසිරුරු වළලන ලද ස්ථානයක පිහිටා තිබුණු හමුදා කඳවුරක් ළඟදී ඉවත්කරන ලද බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්.

කඳවුර ඉවත්කිරීමෙන් අනතුරුව, කිලිනොච්චියේ විරු ගම්මානයක එම කඳවුර පිහිටි ස්ථානයේ තිබෙන සමූහ මිනීවල හාරා, ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ හැකියාව පවතින බවයි, මන්ත්‍රීවරයා මහනාහිමියන් හමුවේ සඳහන් කළේ.

“විමල් වීරවංශ වගේ කෙනෙක් කියනවා නම් හමුදා කඳවුරක් ඉවත් කරපු තැනක සමූහ මිනීවලක් තියෙනවයි කියල, ඔහු ජාත්‍යන්තරයට දෙන පණිවුඩය තමයි අපේ රටේ යුද අපරාධ සිද්ද වුනා කියන එක,” අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යුද අපරාධ ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් බවට පත්කිරීමේ සංශෝධන සඳහා නීතිමය විධිවිධාන සැලසෙනු ඇති බව වීරවංශ මන්ත්‍රීවරයාගේ විග්‍රහයයි.

එහෙත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ එම චෝදනාවත් තරයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින් කෙරෙන්නක් නොවන බව අවධාරණය කරන අමාත්‍යවරයා, තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින ක්‍රියාදාමයක් පිළිබඳව මෙවැනි චෝදනා එල්ල කරන්නේ සිය ‘හොරකම්, මැරකම්’ වසා ගැනීමේ අරමුණින් බවත් පැවසීය.

තවමත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර පවා නොමැති බැවින් එමඟින් රටට බොහෝ අහිතකර දේ සිදුවනු ඇතැයි අනවශ්‍ය සැකයක් ඇති කරගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි, මල්වතු මහනාහිමියන්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන්ට පෙන්වා දුන්නේ.

– BBC

Related posts

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්

Admin

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

colombotoday

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

colombotoday