Colombo Today Local News

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

තුසිත හල්ඔලුව
තුසිත හල්ඔලුව

විදේශ අමාත්‍යංශයේ සමබන්ධිකරන ලේකම් වරයකු සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන, ලංකා ඊ නිව්ස් ලංකා නියෝජිත මෙන්ම හිටපු මොබිටෙල් අධ්‍යක්ෂ වරයකු වන තුසිත හල්ඔලුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු  ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයකු සහ රාම් සුදර්ශන් නමැති ඉන්දියානු ජාතිකයකු, ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව අප පසුගිය 12 වනදා වාර්තාකර සිටියා.

අප සිදුකල සොයාබැලීමකදී,මෙම ඉන්දියානු ජාතික රාම් සුදර්ශන් චෙන්නායි පිහිටි අම්බිගා එම්පයර් නමැති සමාගමේ හිමිකරු බවත් පසුගිය ආණ්ඩුව සමයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා යටතේ නරක්වූ සහල් මෙරටට ගෙන්වා සතොසට විකුණා රුපියල් ලක්ෂ ගණනින් රජයට පාඩු කල පුද්ගලයකු වේ.

ෆාරුක් ෆෙරෝස්
ෆාරුක් ෆෙරෝස්

මොවුන් තිදෙන මේ වන විට රාම් සුදර්ශන් නැමැත්තා හරහා ඉන්දියානු කාන්තාවන් මෙරටට ගෙන්වා ප්‍රභූවරුන්ට විකිණීමේ ජාවාරමක් යහමින් සිදු කරමින් පවති. තරුණ මන්ත්‍රීවරුන්ගේ මනදොල පිනවීමේ රාජකාරිය තුසිත හල්ඔලුවගේ සහ  ෆෙරෝස් ෆාරුක්ගේ අනුග්‍රහයෙන් කරගන යමින් සිටින රාම් සුදර්ශන් පිලිබදව ආරක්ෂක අංශ දැනුවත් වුවත් විදේශ ඇමති මංගලගේ බලය අතට ගෙන සිටින තුසිත හල්ඔලුව හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරවීමට නොහැකිව අසරණවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි.

 

 


විදේශ ඇමතිගේ සම්බන්ධිකරණ ලේකම් lanka e news නියෝජිත තුසිතගේ කළු සල්ලි ජාවාරම ගුවන්තොටේදී හසුවේ

විදේශ අමාත්‍යංශයේ සමබන්ධිකරන ලේකම් වරයකු සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන තුසිත හල්ඔලුව ඉන්දියානු ජාතිකයකු හා ෆාරුක් නමැති ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයකු සමග ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව ගුවන් තොටුපල ආරංචි මාර්ග වාර්තා කරයි. “මෛත්‍රීපාල සිරිසේන ජනපති කලේ මම” යැයි ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල මොහු විදේශ ඇමතිවරයා හා ජනාධිපති අතර මැදිහත් කරුවකු ලෙස පෙනී සිටිමින් කටයුතු කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති තනතුරේද මොහු කටයුතු කරනු ලැබේ. යහපාලන වෙනුවෙන් දැඩි රාජපක්ෂ විරෝධියකු ලෙස කටයුතු කරන මැරුවත් රාජපක්ෂලාට බලයට පැමිණීමට ඉඩ නොදෙන බවට වහසි බස් දොඩමින් සිරිසේන පවුල සමග ඉතා සමීප සම්බන්දතාවයක් ඇති බව පෙන්වන මොහු ගුවන්තොටුපල බලධාරීන්ට බලපෑම් කරමින් ජනාධිපතිගේ විශේෂ අවශ්‍යතාවයකට මෙම සංචාරය කිරීමට සිදු වී ඇති බව ප්‍රකාශ කලද නිලධාරීන් මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සහා දරා ඇත. එහිදී විදේශ අමාත්‍ය මංගල සමරෙවීර , මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් ගේ නම් යොදා ගනිමින් සිය බලය පෙන්වමින් අඩු දඩ මුදලක් ගෙවා බේරී යාමට උත්සහ දරා ඇත.

විදේශ අමාත්‍යංශයේ බලය භාවිත කරමින් රාජතාන්ත්‍රික ගමන් බලපත්ර්යක් සහිතව නිතර ජාවාරම්කරුවන් සමග විදේශ ගතවන මොහු යහපාලන රජය යටතේ පසුගිය මාස 20 ඇතුලත තිස්(30) වතාවකට වඩා විදේශ ගත වී ඇති අතර මේ අවස්ථාවලදී කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මෙරටින් බැහැරකර තිබේදැයි යන්න බොහෝ දෙනා ප්‍රශ්න කර සිටී.

ඊයේ මෙම සිදුවීමත් සමගම අවලංගු කෙරුණු මොවුන්ගේ ගුවන් ගමන යහපාලන රජයේ අනුහසින් අද දින සිදුවූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කර සිටි අතර අන්තර් ජාල මඩ අඩවිවිය වන lankaenews වෙබ් අඩවියේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පසුබිම් රංගනයක යෙදුන මොහු රාජපක්ෂ පාලනය පිලිබඳ හා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව විශාලා මාධ්‍ය මෙහෙයුමක් කිරීමට ක‍ටයුතු කරමින් සිටී.

යහපාලන රජය පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස රට තුලත් විදේශ රටවලත් තමන්ව හදුන්වා දෙමින් පෙනී සිටින මොහු රටේ හා විදේශ රටවල මුල්‍ය ජාවාරම්කරුවන් සමග පැවැත්වූ සමීප සම්බන්දතා සහ මොහු සතු නිවාස , යාන වාහන මෙන්ම දේශීය හා විදේශ මුදල් ගිණුම් පිලිබඳ පරීක්ෂණ පැවැත්වීම ට කටයුතු ආරම්භ කර ඇත.

මේ වන විට ජනාධිපති හා විදේශ අමාත්‍යාදීන්ගේ ආශීර්වාද ලබමින් පොලිසියේ ඉහල අංශ වලට බලපෑම් කරමින් පරීක්ෂණ යට ගැසීමට කටයුතු කරමින් සිටින මොහු යහපාලනය වෙනුවෙන් සුද්ධවන්තයෙකු ලෙස පෙනී සිටින lanakenews සදරුවන් සේනාධීර මේ පිලිබඳ නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඔවුන්ගේ බඩගෝස්තරවාදී මාධ්‍යවේදය බව පැහැදිලි වේ.

මේ අතර මොහු අත්අඩංගුවට පත්වීමත් සමගම දුකට පත් වී කඳුළු සලමින් මොහුව කෙසේ හෝ බේරා දෙන ලෙස යහපාලන රජයේ ප්‍රබල මිතුරන් අමතා ඉල්ලාසිටි සුරතලියන් රාශියක අතර මොහුට දඩුවම් දීමට ඉදිරිපත්වූ සුරතලියන් ගැනද විදේශ අමාත්‍යංශයෙන් මෙන්ම සමහර අමාත්‍යංශවලින් අසන්නට ලැබේ.

Related posts

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

colombotoday

ජනාධිපතිගේයි, අගමැතිගේයි ඇමතිකම් බෙදීම විද්‍යාත්මක – තාර්කික වෙන්නේ නෑ

colombotoday

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

colombotoday