Colombo Today Local News

“ඒක හදන්නේ පුද්ගලික ඉඩමක.. මට කරන්න දෙයක් නෑ“ අරාබීන්ගේ ඉදිකිරීම ගැන ශ්‍රීපාද නාහිමි කියයි

dammadinna-tero

ශ්‍රීපාද පුදබිමේ කිසිදු සංචාරක හෝටලයක් ඉදි නොවන බව ශ්‍රී පාදානස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹීම සම්බන්ධයෙන් නල්ලතන්නියේදී පැවති සාකච්ඡාවක් අතරතුරදීයි උන්වහන්සේ මේ බව පැවසුවේ.

ශ්‍රීපාද පුදබිම ආසන්නයේ පුද්ගලික ඉඩමක සංචාරක හෝටලයක් ඉදිකරමින් පවතින බවත්, ඒ සදහා අදාල ආයතනවලින් අවසර ලබාගෙන ඇති බවත් පැවසූ උන්වහන්ය එම ඉදිකිරීම් නතර කිරීමට තමන්ට නොහැකි බවද පැවසීය.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ අඹගමුව ප්‍ර දේශීය ලේකම්වරයා පැවසූවේ මුවුස්සාකැලේ ජලාශයට ඉහළින් දිය ඇල්ලක් ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට අවසර ගෙන ඇති බවයි.

ශ්‍රීපාද පූජා භූමි කළාපයට අයත් නොවී යැයි නාහිමි පැවසුවද එටිසලාට් සමාගම විසින් ඉදිකෙරන ආන්දෝලනයට තුඩු දී ඇති ඉදිකිරීම සිදුවන්නේ පුද බිමට යාබද ශ්‍රීපාද අධි රක්ෂිතයේ ජලපෝෂක කළාපයේය. මෙම පාරිසරික කළාපය ලංකාවේ පිහිටි අති සංවේදී, ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුතු ප්‍රදේශයක් වන අතර, කැළණි ගගේ ඉහළ ජල පෝෂක පෙදෙසේ කොටසක් බවද හදුනාගෙන ඇත. මෙම අධි සංවේදී පරිසර කළාපයේ ඉදිකිරීම් සිදුකළහොත් බරපතල පාරිසරික ගැටළු මතුවන බව පරිසරවේදීන් අනතුරු අගවා තිබේ.

1940 ඔක්තෝබර් මස 35 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ අභය භූමියක් ලෙස නම්කොට ඇති ශ්‍රීපාද රක්ෂිතයේ අභිප්‍රේරක කළාපයේ මෙලෙස අනවසර ඉදිකිරීම සිදුකිරීමට අවසර දුන්නේ මොන බලවතාගේ කුමන නීතිය යටතේදෑයි යන්න ප්‍රශ්නයක් පැන නගී.

නීතිමය සහ පාරිසරික තත්වයන්කෙසේ වුවද ආන්දෝලනයට තුඩු දී ඇති අරාබි ව්‍යාපාරිකයන් විසින් ශ්‍රීපාද අඩවියේ ඉදිකරන ඉදිකිරීම පසුබිම් කරගනිමින් ඉදිරියේදී මතුවිය හැකි ආගමික නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් වූ බරපතල සංවාදයක් මේවන විට ගොඩනැගී ඇත. සෞදි රජයේද මැදිහත්වීම සහිතව සංචාරක නිකේතනයක් මුවාවෙන් මෙලෙස ඉදිකරමින් පවතින්නේ ආදම්ගේ පාදය යැයි පවතින විශ්වාසයක් මත ඉදිරියේදී මෙහි ගෙන්වීමට නියමිත ඉස්ලාම් භක්තිකයන් සදහා පහසුකම් සැපයීමේ ස්ථානයක් සහ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත කළාපයේ ඉස්ලාමීය බලය තහවුරු කරගැනීම සදහා කේන්ද්‍රස්ථානයක් බවට මේ වන විට තහවුරු වෙමින් පවතී. ශ්‍රීපාදස්ථානයේ ව්‍යාජ ඉස්ලාම් උරුමයක් සම්බන්ධයෙන් ඇතැම් ඉස්ලාම් අන්තවාදී කොටස් කලක් තිස්සේ ගෙන ගිය ප්‍රචාරයන් සහ අරාබි ව්‍යාපාරිකයන් ශ්‍රීපාදස්ථානය පාමළ කදවුරු බැදගැනීමට දරණ උත්සාහයෙන් ඒ බව මනාව පැහැදිළි වේ.

ශ්‍රීපාදස්ථානයට අන්‍යාගමික අන්තවාදීන්ගේ බලපෑම් එල්ලවෙමින් පවතින බව මීට ටික කලකට පෙර ශ්‍රීපාදාස්ථානාධිපති හිමියන්ද පුවත්පතකට පවසා තිබිණි. තත්ත්වය එසේ තිබියදී අදාල ඉදිකිරීම් පූජා භූමි සීමාවට අයත් නැති බව ප්‍රකාශ කරමින් වගකීමෙන් කර ඇර සිටීමට ශ්‍රීපාද නාහිමියන්ට හැකිද. ශාසනභාරධාරී අනෙකුත් වගකියුත්තන්ට නිහඩව සිටීමට හැකිද. අදාළ ඉදිකිරීම් සදහා සෞදි රජයේ නියෝජිතයන් අගමැතිවරයාගෙන් අවසර ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි. එසේනම් අගමැතිවරයාගේ අතිජාත හිතවතෙකු වන ශ්‍රීපාදස්ථානාධිපති ධම්මදින්න හිමියන්ගේ “ශ්‍රීපාදස්ථානයට එල්ලවන අන්‍යාගමික බලපෑම්“ සම්බන්ධයෙන් වත්මන් හැසිරීම අප කෙසේ වටහාගත යුතුද?

Related posts

කොටි පරාජය කිරීම ගැන නෝර්වේ අගමැතිණිය කම්පා වෙයි…

colombotoday

මන්ත්‍රී සනත් නිශාන්ත හා මොරටුව නගරාධිපතිට ඇප

colombotoday

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday