Colombo Today Local News

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

wimal-weerawansaසිය නිවසේදී මියගිය තරුණයා සම්බන්ධයෙන් සමාජ ජාලාවල පලවන දෑ පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.

ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

ලහිරු ජනිත් මාගේ පුතාගේ සමීප මිතුරකු මෙන්ම අපගේ අසල්වැසියෙකු ද වේ. පුතුගේ මිතුරුදම හේතුවෙන් ඔහු අපගේ නිවසට නිතර ආ ගිය අයෙකි. මරණය සිදු වු දිනයේද ඔහු අප නිවසට පැමිණි ඇති අතර එදින නිවසෙහි පුතුට අමතරව මිතුරන් කිහිප දෙනෙකුද සිට ඇත. මා එදින කොළඹින් බැහැරව සිටි අතර රාත්‍රියේ නිවසෙහි සිටියේ නැත.

මේ මිතුරු කැල සතුටු සාමීචියෙහි යෙදෙමින්ද සිනමාපටයක් නැරඹීමෙන්ද අනතුරුව රාත්‍රියෙහි නින්දට ගොස් ඇති අතර ලහිරු ජනිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මා හට ගැන ගැනීමට ලැබිණි. ඔහු මියගියේ මාගේ නිවසෙහි නිසා මේ වන විට ඒ මියයෑම පාදකකර ගනිමින් දේශපාලන සතුරෝ විවිධ මඩ ප්‍රචාරයන් සහ අවලාද නිර්මාණය කරමින් සිටිති. මාගේ බිරිඳත්, පුතනුවන් හා දියණියන් පාදක කරමින් නිර්මාණයකර ඇති එම මඩ හා අවලාද ඉතාමත් පිළිකුළෙන් යුතුව හෙළා දකිමි.

එසේම මෙම මියයෑම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ වූවාට පසු මෙම මඩ ප්‍රචාර සහ අවලාදයන් කොතරම් නින්දිත අයුරින් නිර්මාණය කොට ඇතිදැයි ඔබට වැටහෙනු ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි මෙම මරණය ස්වභාවික මරණයක් බවත් එය හෘදයාබාධයකින් සිදුව ඇති බවත් සඳහන්ව තිබේ. සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ හෘදයාබාධය සිදුව ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පරික්ෂා කිරිමටය.

අවසන් වශයෙන් මාගේ දේශපාලන විරුද්ධවාදීන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් ඉහත ආකාරයේ මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් පහත් තත්වයකට ඇද වැටිම පිළිබඳව බෙහෙවින් කනගාටු වෙමි.

විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ
2016.10.28

Related posts

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

ස්වර්ණමහල් ජුවෙලර්ස් අධ්‍යක්ෂවරු කළු සල්ලි සැගවූ හැටි අධිකරණයේදී හෙළිවේ

colombotoday

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

පාර්ලිමේන්තුව තුළදී මහා සංඝරත්නයට අපහාස කිරීම ලැජ්ජ නැති වැඩක්.. විජේදාසගෙන් ෆොන්සේකාට ආයෙත් කණේ පහරක්

colombotoday