Colombo Today Local News

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාව නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඊයේ මෙම නාලිකාවට අදාල ගිවිසුම් අත්සන් කළ අතර ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය මගින් මුදල් වෙන්කර තිබේ.
2017 අයවැයෙන් සංහිඳියාවේ නාලිකාව සඳහා රුපියල් මිලියන 180 ක් වෙන්කර තිබෙන අතර මේ වනවිට නව නාලිකාව සඳහා අවශ්‍ය සංඛ්‍යාත වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

රූපවාහිනී සංස්ථා සභාපති රවී ජයවර්ධන මහතා සහ ජාතික එකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා ගිවිසුමට අත්සන් කළ අතර ගිවිසුමට අත්සන් තැබීම රූපවාහිනී සංස්ථාවේදී සිදුවිය.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, කරු පරණවිතාන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

Related posts

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

colombotoday

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday