Colombo Today Local News

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් තීරණය ඉකුත්දා අත්හිටවු අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතා එම අමාත්‍ය තනතුරේ නැවත පිහිටුවන මෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබිණි.

එම අතුරු නියෝගය මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම තුළින් වගඋත්තරකාර ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණය වෙත නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා වගඋත්තරකාර ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත නොතීසිද නිකුත් කර තිබිණි.

ඒ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස අභියාචනාධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

Related posts

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියා පාස්කු කොමිසමට

colombotoday

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් ශ්‍රී ලංකාවට

colombotoday

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

colombotoday

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

colombotoday