Colombo Today Local News

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

රුපියල් කෝටි 175ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවමින් රෝගී කිරිදෙනුන් මෙරටට ගෙන්වීමට රජය පිඹුරුපත් සකස්කර ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද(31) දඹුල්ලේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හෙලිදරව් කළේය.

තොරතුරු දැනගැනීමේ පණත යටතේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විසින් ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරුවලට අනුව ඒ මහතා මේ බව හෙලිදරව් කළේය.

ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වන ලද කිරි දෙනුන් හට මෙරට වාර්තා වී නොමැති රෝග දෙකක් වැලදී ඇතැයි ලන්ඩන් නුවර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වී තිබියදී තවත් කෝටි 175කට අධික ජනතා මුදලක් වැය කරමින් කිරිදෙනුන් ගෙන්වීමට කටයුතු කරමින් ඇති බවට නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටියි.

දැනට මෙරටට ගෙන්වා ඇති කිරි දෙනුන්ගේ මලමුත්‍ර කොටස් පරීක්ෂාකිරීමේදී බරපතළ රෝග දෙකක් වන” බෝවින්වයිරල් ඩයරියා “සහ ෆැසියෝලා හෙපටිකා ඉන්ෆආස්ටේසන් “යන රෝග දෙක පවතින බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සිය සාමාජිකයන් හට ලිඛිතව ලබා දී ඇත්තේ එම විදේශ රටවලින් ගෙන්වා ඇති සතුන් පිළිබඳව කිසිදු රාජකාරියක නියැලීම වළකින ලෙස දැනුම්දී ඇතැයිද නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය. ඊට හේතු ලෙස කිරිගවයින්ට වැලදී ඇති මෙම රෝගය මිනිසා ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද බෝ වීමේ අවධානමක් පවතින බැවින් බව ඒ මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

එසේම රෝගී සතුන්ගෙන් පිටකෙරෙන මල ද්‍රව්‍ය ජලයට එකතුවීමෙන් භයානක තත්ව ඇතිවීමේ අවධානමක් ද පවතී.

ගෙන්වන ලද දෙනුන් රෝගී බව මෙරට සහ විදෙස් පරීක්ෂණවලින් අනාවරණය වූ පසුත් තව දුරටත් ඕස්ට්‍රේලියානු පෞද්ගලික සමාගම් වෙත මෙරට ජනතා මුදල් ලබාදීමට කටයුතු කිරීම බරපතල අපරාධයක් බව නාමල් කරුනාරත්න මහතා අවධාරණය කර සිටියි.

මාධ්‍ය හමුව අමතමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් මේ පිළිබඳ වහාම අවධානය යොමුකළ යුතු බවයි. එසේම විශේෂ පරීක්ෂණයක් සිදුකොට මේ අපරාධය සිදුකළ පුද්ගලයින් හට වහාම නීතිය ක්‍රියාත්මක කළයුතුයැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

ඇමරිකාවේ කිසිදු අධිකරණයකින් ගෝඨාට සිතාසි ලැබී නෑ

colombotoday

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

colombotoday

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday