Colombo Today Local News

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

vat-2232

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම එලෙසම තබා ගනිමින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (13දා) කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.මෙම නව සංශෝධිත පනත් කෙටුම්පත මගින් රු.මිලියන 12ක වාර්ෂික පිරිවැටුපක් හිමි තොග සහ සිල්ලර වෙළඳ ආයතන සඳහා යෝජනා වූ වැට් බද්ද අය කිරීම රු.මිලියන 50 ක වාර්ෂික පිරිවැටුම දක්වා වැඩි කරමට ද තීරණය වී තිබේ. ඒ අනුව සුළු ව්‍යාපාරිකයාට වැට් සහනයක් හිමිවනු ඇත.

එමෙන්ම, රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, පරීක්ෂණ ගාස්තු හා ඖෂධ නිකුත් කිරීම වැනි සෞඛ්‍ය සේවාවන් සඳහා යෝජනා වී අය කෙරුණු වැට් බද්ද ඇතුළත් නොකර පෙර පරිදි පවත්වාගෙන යෑමට ද මෙම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතෙන් තීරණය කර ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත්, 11% ක්ව පැවති වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම එලෙසම තබා ගැනීමටද මෙම නව සංශෝධන පටන් කෙටුම්පතෙන් සිදුවනු ඇත.

මීට පෙර මෙම පනත පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බල ශුන්‍ය බවට තීන්දු කළේය. එම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියට අනුව බදු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති විට පමණි.

එසේ අනුමැතිය ලැබී ඇති බවට පනත් කටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බව ස්ථාවර නියෝග 133 හි දක්වා තිබේ. කෙසේ වෙතත්, පසුගිය වර පනත බල ශූන්‍ය වූයේ මෙම ක්‍රමවේදය අනුගමනය නොකළ නිසාය. ඒ අනුව, එම වරද නිවැරදි කරමින් මූලිකව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

– අද

 

Related posts

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම්. – ඉන්දීයාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැව හෙට දිවයිනට

colombotoday

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday