Colombo Today Local News

අටුළුගම දැරිය ඝාතනය : අයිස් ගසා සිටි කොත්තු බාස් දැරිය මැරූ හැටි වමාරයි

බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයිශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගත්තේය.

ඝාතනයට ලක්වූ දැරිය කුකුල්මස් වෙළදසැලට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇති බවත්, දැරියට පෙර සැකකරු වෙළද සැලෙන් පිටවී ලදු කැලෑවක් අසල මගරැක සිට ඇති බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

දැරිය කුකුල් මස් රැගෙන නිවෙස බලා යද්දී අසල තිබූ කැලයට ඇයව ඇදගෙන ගොස් දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති බවත්, එහිදී ඇය සැකකරු ගේ ග්‍රහනයෙන් මිදීමට උත්සාහ දරා විලාප නගා ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලින් හෙලිවූ බව ද පොලිසිය සඳහන් කරයි.

දැරියගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් අසල තිබූ මඩ වගුරකට තල්ලුකර ප්‍රාණය නිරුද්ධ වනතුරු එහි ගිල්වා දැරියගේ පිටට සිය දණහිස තබාගෙන තද කර ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් සදහන් කර සිටි.

Related posts

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

MCC ගිවිසුම ගැන අවසන් තීරණය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

වාහන මිළ ගැන මං මොකුත්ම කීවේ නෑ.. මතකත් නෑ.. මට “අදාල නෑනේ” – ජෝන් ඇමති

colombotoday

බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය ගෙවන්න සැරසෙයි

Admin