Colombo Today Local News

MCC ගිවිසුම ගැන අවසන් තීරණය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ශ්‍රී ලංකා රජය හා අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අතර අත්සන් කිරීමට සැලසුම් කර තිබූ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම (MCC) අත්සන් නොකිරීමට රජය ස්ථිර වශයෙන්ම තීරණය කර ඇතැයි, නීතිපතිවරයා අද(22)දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, සෝෆා ගිවිසුම හෙවත් හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් රජය මේ දක්වා ස්ථිර තීරණයක් ගෙන නොමැති බවය.

ඇස්ට්‍රා හෙවත් අන්තර් සේවා සැපයීමේ ගිවිසුම මේ වනවිට රජය අත්සන් කර ඇති බැවින්, එය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට නියමිත බව ද ඇය වැඩිදුරටත් දැනුම් දුන්නාය.

අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය දැනුම් දුන්නේ, එම ගිවිසුම් 3 අත්සන් කළහොත් රජයේ ස්වෛරිභාවයට හා ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි බැවින් ඒවා අත්සන් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා පූජ්‍ය අඟුණුගල්ලේ ජිනාන්ද හිමියන් නීතිඥ දර්ශන වේරදුවගේ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීය.

පී.පද්මන් සුරසේන, ගාමිණි අමරසේකර සහ ඒ.එච්.එම්.ඩි නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම පෙත්සම් කැඳවනු ලැබුවේය.

ඒ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය අධිකරණයට දැනුම්දීම සඳහා ලබන ජුලි 12 වැනිදා යළි කැදවීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේය.

Related posts

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

colombotoday

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

colombotoday

නාමල්ගේයැයි කියා FCID අත්අඩංගුවට ගත් මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin

මාතෘ භූමියේ උන්නතිය උදෙසා මං මැරෙන එක කල් දැම්මා – දඹර අමිල හිමි

colombotoday