Uncategorized

රාජකාරිය නීත්‍යානුකූලව සිදු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති කියයි

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මැතිතුමා අවධාරණය කරයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ලේ, සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ය.

පොලිස්පති ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ (26)දින මෙම සාකච්ඡාව පැවැත්විණි.

පොලිස් නිලධාරීන් රාජකාරි සිදු කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව අදාල ආයතන සමග සම්බන්ධීකරනය වෙමින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවට ද ඇමතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පොලිසියට පාලනය කරගත් නොහැකි අසීරු අවස්ථා වලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගගත යුතු බව ද ඇමතිතුමා සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී සඳහන් වූ කරුණු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මැතිතුමා උපදෙස් ලබා දුන්නේය.

Related posts

දේශනවලට ආ අයට මුදල් හා මස් කරන්න ගවයන් දුන්නා – සහරාන්ගේ සගයෙක් වමාරයි…

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

colombotoday

වසර 5ක් බලයේ සිටිය හැකිද… ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නැවතත් විමසන්න යයි…

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂට

colombotoday