Uncategorized

වසර 5ක් බලයේ සිටිය හැකිද… ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නැවතත් විමසන්න යයි…

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09 වැනිදා* ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට පක්‍ෂය තුළ මෙන්ම ඇතැම් පාර්ශ්ව තුළද සාකච්ඡුාවට ලක්වෙමින් තිබෙන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එසේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 මාර්තු 16 වැනිදායින් අවසන් වන බවද, එම නිසා බොහෝ දුරට ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ වැඩි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා විසින් 2018 ජනවාරි මාසයේදීද සිය ධුර කාලය පිළිබ`ද ශේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසන ලදි. ඒ අනුව එවක අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් විසින් සිය මතය ලබා දෙමින් 2018 ජනවාරි 15 දා ප‍්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවය.

Related posts

සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලේ…

colombotoday

ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියාවේ පහළටම ඇද වැටේ…. ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න

colombotoday

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

colombotoday

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උසස් වීමක් – නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ.

colombotoday