Colombo Today Local News

මැයි දිනයෙන් පසු රාජපක්ෂවරුන්ගෙන් නව දේශපාලන පක්ෂයක් !

mahinda3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බිහිකරන නව දේශපාලන ව්‍යාපාරයේ ඉහල තනතුරු ලබාදීමට තීරණය කර ඇතැයි ආරංචිමාර්ග අනාවරණය කරයි.

මැයි දිනයෙන් පසු නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට රාජපක්ෂවරුන් තීරණය කර ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි මුලික සංවිධාන කටයුතු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා තිබේ.

මේ අතර, ඊයේ (29) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසුයේ, බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ කොන්ත‍්‍රාත්තුවක් ඉටුකරන බවයි.

ශ්‍රිලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට සහභාගි වෙන සියලුම මන්ත්‍රීන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ (29) ගාල්ලේදී අවධාරණය කළේය.

Related posts

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday