Colombo Today Local News

සැමියා පදමට මත් වී නිදි අතරේ මවක් දරුවන් පස් දෙනා කැලේ දමා අසම්මත පෙම සමග ගිහින්. දින දෙකක් දරුවන් හාමතේ

වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

කැලෑ බද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයගොස් දරුවන් පස් දෙනා පොලිසිය බාරයට ගෙන ඇත. ඒ වන විට ඔවුන් දින දෙකක් තිස්සේ නිරාහාරව සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එම දරුවන් පස් දෙනා අවුරුදු 12 – 02 අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.

දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බවත් පදමට මත් වී නිවසේ නිදා සිටියදී දරුවන් ද අතරමං කර 35 හැවිරිදි අයකු හා පැන ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.පොලිස් බාරයට ගත් දරුවන් පරිවාස බාරයට පත් කරන තෙක් දරුවන්ගේ ලොකු අම්මා බාරයට පත් කර ඇත.

Related posts

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

අරණායක නගරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

colombotoday

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday