Colombo Today Local News

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් ද්‍රවවායු විදුලිබලාගාරයක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රත්තුව ඒ සඳහා වැඩි මිලක් ඉදිරිපත් කළ චීන සමාගමට පවරා ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

එම ටෙන්ඩරය සදහා අඩුම මිලගණන් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලාංකික සමාගමක් වන ලක්දනව් සමාගම වෙත පිරිනැමීමට තාක්ෂණික කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබියදී විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විදුලි බල ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම ටෙන්ඩරය චීන සමාගමක් වෙත පිරිනැමීමට අදාඝ කැබිනට් පත්‍රය 2018/06/19 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් හිමි සියයට සියයක්ම දේශීය සමාගමක් වන ලක්දනවි සමාගම අඩුම මිල ඉදිරිපත් කර තිබියදී දෙවනි අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබුනු චීනයේ GCL සමාගමට පවරා ඇති බවත් විදුලි ඒකකයක මිලෙහි වෙනස ශත 99 ක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව වසරකට විදුලි ඒකක මිලියන 2150 ක් ජනනය කරන මෙම විදුලි බලාගාරය GCL චීන සමාගමට ලබා දිම නිසා අමතරව ගෙවීමට සිදුවන මුදල රැපියල් මිලියන 2129 ක් බවත් වසර විස්සකදී රජය විසින් මෙම බලාගාරය සදහා අමතරව ගෙවන මුදල රැපියල් මිලියන 42570 ක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related posts

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

“ෆෙඩරල් පාලනයක් සමග ස්වයංපාලන ඉලක්කයට අපි යනවා” – සම්බන්ධන්

colombotoday