Colombo Today Local News

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

ඔස්ටේ‍්‍රලියාවේ සිට ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන් ඔස්සේ නීතිවිරෝධී ලෙස පරිගණකයේ CPU එක තුළ සඟවා එවා තිබූ විෂ සහිත කටුස්සන් 32ක් කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක සීපීයූ තුළ කුඩා රෙදි මළු 5ක බහා මෙම කටුස්සන් මෙරටට එවා ඇත.

මෙම සතුන් ඔස්ටේ‍්‍රලිවේ සිට සිංගප්පූරුවට ගෙනැවිත් එරට සිට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉකුත් 13 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ දී කටුනායක ගුවන් තොටුපලට එවා තිබුණි.

කළුතර ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට එවා තිබූ මෙම පාර්සලය භාරගැනීමට එම පුද්ගලයා නොපැමිණීම නිසා රේගු නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එම නම සහ ලිපිනය ව්‍යාජ එකක් බවට අනාවරණය වී තිබේ.

Related posts

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

colombotoday

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday

ලංකාව ගැන වටිනාම ලියවිලි තොගයක් හොර රහසේම විදේශිකයන්ට දීලා – ජනපතිගෙන් හෙළිදරව්වක්

colombotoday