Colombo Today Local News

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

විසුම්පාය රජයේ තක්සේරුවෙන් බැහැරව ලබා දීමේ සූදානමක් නැතැයිද ඔහු සඳහන් කළේය.

රටට ආයෝජකයන් ගෙන ඒමට රජය කටයුතු කරද්දී විපක්ෂය ජනතාව අතරේ වැරදි පතුරවන බව පැවසූ අමාත්‍යවරයා ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පදනම් විරහිත හා ජනතාව නොමග යවන ප්‍රකශයක් බවද ප්‍රකාශ කළේය.

Related posts

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

Admin

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

colombotoday

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday