Colombo Today Local News

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් ලැබී රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් මාරු කර ගෙන ඇති බවට පසුගියදා අධිකරණයේදී හෙළිදරව් වූ රු. මිලියනය බැගින් වූ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ 2015 මහ මැතිවරණයට පසුව බව අධිකරණයට වාර්තා කර ඇති රහස්‌ පොලිසියේ වැඩිදුර විමර්ශන වාර්තාව අනුව පැහැදිලි වේ.

2015 වසරේ මහ මැතිවරණය පවත්වා ඇත්තේ 2015 අගෝස්‌තු 17 වැනිදා වුවත් අදාළ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ ඊට පසුවය. එනම් එක්‌ චෙක්‌පතක්‌ 2015.08.24 දිනද, තවත් චෙක්‌පතක්‌ 2016.03.31 දින සහ තවත් චෙක්‌පතක්‌ 2015.11.12 දින ද නිකුත් කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

මින් 2015.08.24 දිනැතිව නිකුත් කරන ලද රුපියල් මිලියනයේ චෙක්‌පත 2015 මහ මැතිවරණය පැවැති 2015.08.17 දිනට ආසන්න දිනයක ලියවී තිබුණත් එහි ද චෙක්‌පත නිකුත් කර ඇති දිනය ලෙස සටහන් වන්නේ 2015 මහ මැතිවරණයට සතියකට පමණ පසු දිනයකි.

අදාළ චෙක්‌පත් මාරු කර මුදල් ලබා ගෙන ඇති ආරක්‍ෂක අංශ නිලධාරීන් සියල්ලන්ගෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ සටහන් කරගෙන එම ප්‍රකාශවල සාරාංශයන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

විෂ පොල්තෙල් මෙරටට ආනයනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ?

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday

ජනපතිගේ නියෝගයක් මුදල් ඇමති කුණු කූඩයට දමයි !

colombotoday

පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Admin

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday