Colombo Today Local News

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

යහපාලන ආණ්ඩුව මේ වන විට මුක්කු ගසා හෝ කෙලින් කල නොහැකි තැනකට ඇද වැටී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.ඒමහතා මේ අදහස් ප්‍රකාශ කලේ නැගෙනහිර කොළඹ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද වෙනකොට ආණ්ඩුව දේශපාලන,ආර්ථික,සමාජීය හා සංස්කෘතික යන සියලු අංශයන්ගෙන්ඇද වැටිලා ආණ්ඩුව පත්වුණේ විශාල වශයෙන් දුෂණයට වංචාවට එරෙහිව විශාල සටනක් කරනවා කියන අදහසින්,නමුත් අද වෙනකොට යහපාලන ආණ්ඩුව අල්ලසින් දුෂණයෙන් වංචාවෙන් වැසිලා.දුෂණයට වංචාවට එරෙහිව කතා කල පිරිස් නිහඩ වෙලා,යහපාලන ආණ්ඩුව නිර්මාණය කරන්න විශාල දායකත්වයක් ලබාදුන් පිරිස් අද වෙද්දී හොයාගන්නවත් බැරි තත්වයකට පත්වෙලා,මේ රටේ බුද්ධිමත් කොටස් විශාල වශයෙන් යහපාලන ආණ්ඩුව හදන්න විශාල කැපවීමක් කල බව රටේ සියලු දෙනා දන්නවා.නමුත් අද ඒ පිරිස් වලට මිනිසුන්ට මුහුණ දෙන්න බැරිවෙලා.එකට හොදම උදාහරණය තමයි පසුගියදා මහාචාර්ය සරත් විජේසුරිය මහත්මයා කරපු ප්‍රකාශය.එතුමා කියනවා “මිනිස්සු අපිට විතරක් නෙවෙයි අපේ දෙමාපියන්ටත් බනිනවා”කියලා.මේක තමයි අද යහපාලන ගෙන්න ජනතාව අතරට ගිය උගත් බුද්ධිමත් මිනිස්සු මුහුණ දීපු ඛේදවාචකය අද කිසි කෙනෙක් සාමාන්‍ය ජනතාව අතර යහපාලනය ගැන හොදක් කියන්න ඉදිරිපත් නොවන තත්වයකට පත්වෙලා යැයිද ඔහු සදහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද ආණ්ඩුවට දේශපාලන ගමනක් නැහැ,විවිධ ඇමතිවරු විවිධ දේවල් ප්‍රකාශ කරනවා,කිසිම ප්‍රතිපත්තිමය එකගතාවයක් නැහැ.කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු එකම විෂය ගැන එකිනෙකට පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරනවා.රටේ ආර්ථික සම්පුර්ණයෙන් කඩා වැටිලා,ඇමතිවරු අද ජනතාවට ආර්ථිකය ගැන බඩු මිල ගැන ජනතාවට විවිධ විහිලු සපයමින් ඉන්නවා.තෙල් මිල ඉහල ගිහින් බස් ගාස්තු ඉහල යනවා,ජිවන වියදම සීඝ්‍රයෙන් ඉහල ගිහිල්ලා.රුපියල දවසින් දවස පිරිහිලා මහ බැංකුව කොල්ලකාපු ආණ්ඩුව අද ආර්ථිකය නගා සිටුවන්න බැරුව කෙදිරි ගානවා බදු ගහනවා

අද සාමාන්‍ය කුලී වැඩ කරන කෙනෙකුට නොවෙයි රජයේසේවයකයෙකුට පවා ජිවත් වෙන්න අමාරු තත්වයක් තියෙන්නේ,මේ ආණ්ඩුව රුපියල් දහදාහකින් පඩි වැඩි කරා කියලා කයිවාරු ගැහුවට ඊට හරියන්න බදු ගහලා ජනතාව පහලටම ඇදල දැම්මා,මිනිසුන්ට වැදගත් අතේ තියෙන මුදල් නොවෙයි ඒ මුදලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි,නොඑසේ නම් මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අද හොදටම පිරිහිලා.

ඒ වගේම සංස්කෘතික වශයෙන් රටේ තත්වය පිරිහිලා සංචාරකයන්ට පහර දෙනවා.දකුණු මුහුදු තිරයේ සංචාරක කර්මාන්තය බිද වැටිලා.අද දක්ෂිණ සංවර්ධන ඇමති කුමක් කිවත් දකුණේ සංචාරක කර්මාන්තය කඩා වැටිලා.තව පැත්තකින් පුරා වස්තු කොල්ල කනවා,නිදන් හාරනවා.පුරාවිද්‍යාත්මක තැන් බුල්ඩෝසර් කරනවා.උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරනවා.ආණ්ඩුවට ඒ ගැන පැහැදිලි ස්ථාවරයක් නැහැ.මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව මේවට මැදිහත් වෙන්න යනවා.ඊට පස්සේ ආණ්ඩු හීනෙන් අවදිවෙලා වගේ හැසිරෙනවා.ඒ නිසා ඉතාම පැහැදිලිව අපි කියනවා මේ රට අද විනාශයේ මාවත දිගේමේ ආණ්ඩුව රැගෙන යමින් ඉන්නවා,දැන් පය බරවායට පිටකර බෙහෙත් බදිනවා වගේ විසදුම් යෝජනා කරලා වැඩක් නෑ,ජනතාවට අවශ්‍ය ස්ථිර විසදුම් ආණ්ඩුවට එහෙම විසදුම් තියෙන බවක් අපිට පෙන්න නැහැ.ඒ නිසා මේ ආණ්ඩුව ඊලග මැතිවරණයෙන්පැහැදිලිවම හාන්සියි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ

මාධ්‍ය අංශය

Related posts

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක සිරවෙයි

Admin

එළඹෙන 05 සහ 06 සුරාසැල් වැසේ.. මහජන පැමිණිලි සඳහා දුරකථන අංකයක්

colombotoday

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

“නැව කුළියට ගත්තේ අපේ ව්‍යාපාරිකයෙක්, එනිසා කප්පම් එපා“ සෝමාලි කොල්ලකරුවෝ නැව නිදහස් කරයි

colombotoday

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

colombotoday