Colombo Today Local News

20 ගැන සංඝයාවහන්සේගේ මතය ජනවරමින් පරාදයි.. ජනතා මතය අපි සමගයි – ජවිපෙ කියයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහිව මහා සංඝරත්නය දරන මත ජනවරම් පහකින් පරාද වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විසිවන සංශෝනය ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සූදානම් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ උවමනාවට බවත්, එමගින් බෙදුම්වාදී උවමනා ඉටුවන බැවින් සියළු දෙනා ඊට එරෙහි විය යුතු යැයි ඊයේ 3 පැවති මහා සංඝ සම්මේලනයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියා.

මීට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

“මේ අපි ගේන්නේ 1994 ඉදල 2015 දක්වා ජනවරම් 5ක ජනමතය. රටට සුගතියක් වෙන දේට අපි උදව් කරනව. සිවුරු හොරුන් වෙනුවෙන් පින්ඩපාතයේ යන උදවිය කියන දේ පිළීගනී කියයල මම හිතන්නෑ. ඕන කෙනෙකුට මේකට විරුද්ධ වෙන්න පුලුවන්. හැබැයි එයාල කියන එකම තමයි වෙන්න ඕන කියල කියන්න බැහැ“

Related posts

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday