Colombo Today Local News

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු රට ඉදිරියට ගෙන යෑම සදහා අලුත් වැඩසටහනක් ඇති කරන බවත්, ඒ තුළින් රජය ඉදිරියට යෑමට අපේක්ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීම සඳහා ඊයේ (18දා) මහනුවරට පැමිණි අගමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ව්‍යාපෘති ගණනාවක් අවසන් අදියරේ තිබෙන බවත්, තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක ප්‍රතිලාභ මෙම වසරේ අත්විඳින්නට ජනතාවට අවකාශ සැලසෙන බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Related posts

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

colombotoday

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

දේශපාලනයෙන් ඉවත් වන්නැයි රටවල් දෙකකින් මහින්දට බලපෑම්

colombotoday

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නැහැ… – ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

colombotoday

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

colombotoday