Colombo Today Local News

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

අගමැතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම වැරදි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

අර්ජුන් මහේන්ද්‍රන් බෑණා වන අර්ජුන් ඇලෝසියස් සමග එක්වී බැදුම්කර වංචාව දෙතුන් වතාවක් සිදුකළ වත් පවසන රන්ජන් රාමනායක මහතා කේසේ වෙතත් බැදුම්කර වංචාවේ සියළු මුදල් අගමැතිවරයා සාක්කුවේ දමාගත් බව තමන් නොකියන බවද කියා සිටියේය.

අගමැතිතුමන් පාරිශුද්ධ බොධිසත්වයෙක් යයි තමන් නොකියන බවද රාමනායක මහතා පැවසීය.

මීට ප‍්‍රතිචාර දක්වමින් මාධ්‍ය අමතන ලද ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කියා සිටියේ වරදක් වු බව රන්ජන් රාමනායක මහතා විසින් පිලිගෙන ඇති බවයි.

බැදුම්කර වංචාවේ මුදල් සියල්ල අගමැතිතුමන් විසින් නොගත්තේ නම් ගත්තේ බාගයක්ද කාලක්ද කියා කිව යුතු බවද ඔහු කීය.

Related posts

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

ජල බිල්පත් ඊ.බිල් පත් ක්‍රමයට හෝ කෙටි පණිවුඩ ක්‍රමයට

colombotoday

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

colombotoday