Colombo Today Local News

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ එම පක්ෂ නායකයන් සමග ඉකුත් සති කිහිපයේ සාකච්ඡා කළ විෂයයන් සහ ඉන්පසු සිදුවන දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් දීග යාම ඉතා අසීරු කාර්යයක් යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ‍ලේකම්වරයාට අමතරව සන්ධනාගත වී තරග කරන අනෙක් සුහද පක්ෂ සඳහාද ‍ලේකම්වරයෙක් සිරිකොතහි පත් කළ යුතු බව, එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන් බවද ඒ මහතා පවසයි.

එලෙස කිරීමට අ‍පොහොසත් වේ නම් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වීම යථාර්ථයක් නොවන බව ද රාවුෆ් හකීම් මහතා පෙන්වා දෙයි.

Related posts

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

colombotoday

අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයි

Admin

QR කේත ක්‍රමය යාවත්කාලීන වෙන දිනය වෙනස් වෙයි…

Admin

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

Admin

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා.” – ඇමති සුසිල් ළමයින්ට කන්න දෙන්න දැඩි උනන්දුවක්

colombotoday