World

මූල්‍ය වංචා චෝදනා.. විශ්වාසභංගය ඉදිරිපත්වී පැය 24ක් යන්න කලින් පේරු ජනපති ඉල්ලා අස්වෙයි !

තමාට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් වී පැය 24 ක් ඇතුළත පේරු ජනපතිවරයා ඉල්ලා අස්වී තිබේ.

පේරු ජනපති, පේඩ්‍රෝ පැබ්ලෝ කුසෙන්ස්කි අද ඉල්ලා අස්වූයේ, ඊයේ ඔහුට විරුද්ධව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයෙන් පසුව ය.

79 හැවිරිදි පේඩ්‍රෝ එම ධූරයට පත්වූයේ 2016 වසරේ ජූලි 28 ව නදා ය.

උදේබ්‍රෙෂ් ලෙස හඳුන්වන බ්‍ර‍සීල ඉදිකිරීම් සමාගමකින්, අමෙරිකානු ඩොලර් මිලියන 4 ක අල්ලසක් ලබා ගෙන ඇති පේඩ්‍රෝ, පේරු ජනපති ධූරයට නුසුදුසු බව පවසමින් ‍දෝෂාභියෝගයක් ගෙන ඒමට කොංග්‍රස් මණ්ඩලය පියවර ගෙන තිබේ.

පැය 24 ක් ගතවීමටත් පෙර ජනපති ජාතිය අමතා පැවසුවේ, තමා ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

Related posts

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

Admin

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday