World

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

ඇමෙරිකාවේ ටෙක්සාස්හි අගෝස්තු 4 වැනි දින සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(05) මිය ගොස් ඇතැයි ද, ඒ අනුව ටෙක්සාස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, පොලිසිය කියයි.

තුවාල ලැබූ පිරිස බැලීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යෑමට නියමිත බවද වාර්තා වේ.

එල් පැසෝහි, ටෙක්සාස්වල සහ ඩේටන් නගරයේ ඉරිදා දිනයේ සිදු වූ වෙඩිතැබීම්වලින් 31 දෙනෙකු මිය ගොස් තිබිණි.

ටෙක්සාස්හි වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු, පැට්‍රික් කෘසියස් නම් 21 හැවිරිදි තැනැත්තා අත්අඩංගුවට  ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වනතෙක් ඔහුව සිර අඩස්සියේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday