Colombo Today Local News

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ‍්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප‍්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය.
අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන තිබෙන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටියේය.
විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සම්මත කර ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත් වන සැසිවාරය අමතමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කළේ ශ‍්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක‍්‍රියාවලියට ප‍්‍රබල ලෙස සහය දක්වන රටක් බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට ගෙවුණු මාස හතර ඇතුළත අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශ රැසක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද රවිනාථ ආරියසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව රවිනාථ ආරියසිංහ මහතා දීර්ඝ වශයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට හේතු වූ කරුණු පිළිබදව ද රවිනාථ ආරියසිංහ මහතා විසින් සිය ප‍්‍රකාශයේ දී අදහස් පල කළ අතර ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් කියා සිටියේ ජගත් සංවිධාන පද්ධතිය සහ එහි සියලුම නියෝජිත ආයතන සමඟ ශ්‍රී ලංකාව සක්‍රීය සහයෝගීතාවකින් කටයුතු කරන බවයි.

තවද නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බවත් ල එම පනත සකස් කිරීමේ ප්‍රගතියක් ලබා ඇති අතරල නුදුරේදීම ඒ සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කවුන්සිලය හමුවේ සදහන් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ සිද්ධීන් පිළිබඳවද එහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා කියා සිටියේ එම සිද්ධීන් ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් සිදුකළ බියසුළු ක්‍රියාවන් ලෙසයි.

මුස්ලිම් ජන කොටස මෙරට බහුවිධ සමාජයේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස හැදින්වූ ඔහු සියලු ජන කොටස්වලට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරලීමට රජය කටයුතු කරන බව අවධාරණය කළා.

එම සිද්ධීන් සමඟ පැනවුණු සමාජමාධ්‍ය තහනම ඉවත් කිරීමට ද රජය පියවර ගත් බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දුන්නා.

මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම සැසිවාරයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනල විශේෂ කාර්යය භාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහභාගී වීමට නියමිතව තිබේ.

ලංකාදීප

Related posts

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday