Colombo Today Local News

අගමැති යටතේ කටයුතු කළ නොහැකියි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ජනපතිට ලියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ලිපියක් අත්සන් කර ජනාධිපතිවරයාට භාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සඳහා ද එක්සත් ජාතික පක‍්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ අත්සන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක‍්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර එහෙත් ඒ පිළිබඳ ඡන්ද විමසීමකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 42 ගෙන් 35 දෙනෙකු ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා, ආචාර්ය සරත් අමුණුගම ඇතුලූ අමාත්‍යවරුන් 07 දෙනෙකු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා.

ඒකාබද්ධ විපක‍්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන 54 දෙනාගෙන් 51 දෙනෙකු ද මේ වනවිට ඊට අත්සන් තබා ඇති බවයි ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (19) පැවැත් වු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ ඒ වනවිටත් මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබූ බවයි.

මෙම සතිය ඇතුළත විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් අමාත්‍ය පී හැරිසන් පැවසුවේ එක්සත් ජාතික පක‍්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරනු ඇති බවයි.

ආණ්ඩුවේ සිටින කිසියම් මන්ත්‍රීවරයෙකුට මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුර පැවසුවා.

nethnews

Related posts

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද සිට

colombotoday

සංවිධානාත්මක කල්ලියක් වව්නියාවේදී කොළඹ බස්වලට ඇණ පොලු තියා හුලං යවයි !

colombotoday

පොලීසිය වෙඩිතැබුවේ පිටුපසින්නම් ඉදිරිපස සිටි අයට වෙඩි වැදුණේ කොහොමද? – සම්බන්ධන්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday