Colombo Today Local News

ෆේස්බුක් වෛරය වැපුරුවා කියා පාසල් සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්.. බෝම්බ හතරක් සමග අසුවූ පුද්ගලයාට ඇප !

තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලන්නාක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන්ට චෝදනා කිරීමක් දක්නට ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කලේය.

ඒ මහතා මේ බව සදහන් කලේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවු ගැටුම්කාරී තත්වය හේතුවෙන් බෞද්ධයන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දක්වන අදහස් පිළිබදව මාධ්‍ය වේදීන් ඒ මහතාගෙන් අදහස් විමසු අවස්ථාවේය.

මෙහිදී අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා. “ තැලෙන යකඩයක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන් පලි කර ගනිමින් සිටිනවා. අපි මීට කලිනුත් පැහැදිලි කලා මේ සිද්ධිය ඇතිවූයේ සිංහල පුද්ගලයෙකු මරා දැමීම නිසා නෙවෙයි. ඔහුගේ මරණයෙන් පසු අදාල පුද්ගලයන් සීසී ටීවී කැමරා ආශ්‍රයෙන් අත්අඩංගුවට ගත්තා. ජනතාව ඉතා සාමකාමීව සිටියා.

ඉන් අනතුරුව කඩ පහක් ගිණි තිබ්බා. ඒ කඩ පහෙන් තුනක් සිංහල. දෙකක් මුස්ලිම්. සිංහල තරුණයාගේ මළ ගෙදරට පැමිණෙමින් සිටි බස්රථයකින් 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මළ ගෙදර පැමිණි වාහන හරවා යවන්න ගත්තා. ඒ මගින් නීතිය අපට අසාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන හැගීමෙන් තමයි ජනතාව අතර කුපිත වීමක් සිදු වුනේ.

ඒ නිසා මේ තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලනවා වගේ බෞද්ධයන් විසින් සමාව ගත යුතු යැයි ප්‍රකාශ සිදු කරනවා. අපි කොතැනකවත් කියලා නෑ සිංහල ජාතිකයෙක් මුස්ලිම් වරුන් තිදෙනෙක් විසින් මරා දැමුවා. ඒ නිසා මුස්ලිම් වරුන් සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. අලුත්ගම දී භික්ෂූන්වහන්සේ නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීම තමයි අලුත්ගම ගැටුමේ ආරම්භක හේතුව. නමුත් අපි කවුරුවත් කිව්වේ නෑ මුස්ලිම් ජාතිය මහා සංඝරත්නයෙන් සමාව ගතයුතුයි කියලා.

මේවා සාමාන්‍යකරණය කරන්න ඕන ගොනෙකුට පුලුවන්. නමුත් එයින් ඇතිවෙන ආදීනව විසදන්න කිසිම ගොනෙකුට හැකියාවක් නෑ. ඒ නිසා ගොන්නු උනත් තප්පුලන්නේ නැතුව ඉන්න තරමට, තමා ගොනා කියන එක අනික් අයට දැනගැනීමට නොහැකි වෙනබව එවැනි ගොන් ප්‍රකාශ කරන අයට අපි සිහිපත් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා

ෆේස් බුක් මගින් වෛරය වැපුරුවා කියලා පාසල් දරුවන් දෙන්නෙක් රක්ෂිත බන්ධනාගාර ගත කල ආණ්ඩුවක් තමයි බෝම්බ හතරක් අතේ තියාගෙන හිටපු අයව ඇප දීලා යන්න පොලීසියට ඉඩ දෙන්න උපදෙස් දුන්නේ. ෆේස් බුක් එකේ ලියන වචනය බෝම්බයකටත් වඩා භයානක ද කියන ප්‍රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිදුවෙනවා.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න. එය නොකිරීම නිසා ඇති වු සැකය සහ අවිශ්වාසය නිසයි ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙන්නේ. නීතිය පිලිබද විශ්වාසය ගොඩනගන්න. දුකක් ඇතිවුනාම දුකයි දුකයි කියමින් හඩා වැටෙන් නැතුව දුකට හේතුව හෙවුවොත් විතරයි දුක නැතිකිරීමේ මාර්ගය පාදගන්න පුලුවන් කියන එක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී දේශනාකරලා තියෙන බව බුදු බණ ගැන නිතර කියන ආණ්ඩුවේ නායකයන්ට අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

colombotoday

සබීතා පායේ තෝම්බුව හොයන්න පත්කළ කමිටුව රැස්වී ඇත්තේ එකවතාවයි….

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday