Colombo Today Local News

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

ජපාන – ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අකිහිතෝ අධිරාජයා අතර හමුව අද (13 දා) පෙරවරුවේ සිදුවිය.

ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම පිළිබඳව සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව කියා සිටියේය.

එහිදී ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා කළ ආරාධනයට සිය ස්තූතිය පළකළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බව සඳහන් කළේය.

1981 වසරේදී පමණ තමා ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරය සිහිපත් කළ ජපාන අධිරාජයා එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳ පුදා ගැනීමට තමාට අවස්ථාව ලැබුණු බව පැවසීය.එමෙන්ම එම සංචාරයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීම ද ජපන් අධිරාජයා ගෞරවයෙන් සිහිපත් කළේය.

ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව සැබෑ මිත‍්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමට ද ජනාධිපතිතුමා සහ අකිහිතෝ අධිරාජයා එක්විය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර දීම පිස්සුවක්… රනිල්ගෙන් කිසිම සහනයක් ජනතාවට ලැබී නැහැ…

colombotoday

නිරෝධායනයට යොමුකලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ ලිඛිත නියෝග මතයි. – මහජන ආරක්ෂක ඇමති කරුණු පහදයි

colombotoday

හොර ඡන්ද දැමීම හා ඡන්දය වැළැක්වීම සමූහ ස්ත්‍රී දූෂණයකට සමානයි – මැ.කො.

colombotoday

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

colombotoday

රැකියාවක් සොයා ගන්නට බැරි වූ තරුණයකුගේ දිවිනසා ගනී…

Admin

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday