Colombo Today Local News

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

vigneshvaran

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට එකම විසදුම උතුරු නැගෙනහිර පළාත් එක්කර ෆෙඩරල් පාලනයක් ලබාදීම පමණක් බව උතුරට පැමිණි සියළු විදේශ නියෝජිතයන්ට තමන් පැවසූ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඉකුත් කාලසීමාව තුළ රටවල් හයක තානාපතිවරුන් හා යුරෝපා සංගමයේ නියෝජිතයන් උතුරු පළාතේ සංචාරය කරමින් ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී සාකච්ඡා වූ කරුණු මොනවාදැයි යාපනයේදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි ඔහු මෙලෙස පැවසුවේ.

වැඩිදුරටත් කරුණු අනාවරණය කරමින් ශ‍්‍රී ලංකාව තුල සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී රට තුල සිදුවන කවර අන්දමක හෝ යාන්ත‍්‍රණයකට විරුද්ධ බවත්, ඒ පිළිබඳ සලකා බැලීමක් හෝ සිදු කරන්නේ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත යාන්ත‍්‍රණයක් පැමිණියහොත් පමණක් බවත්, මීළග ජිනීවා මානව හිමිකම් කමිටු රැස්වීමේදී මෙම සියළු තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළා.

Related posts

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..

colombotoday

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

colombotoday

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් අභියාචනාධිකරණයට

colombotoday

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

colombotoday