Colombo Today Local News

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් අභියාචනාධිකරණයට

තමන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයායි.

මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පවසා තිබේ.

එසේ තිබියදී තමන්ව පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කරමින් සිටින බවටයි පෙත්සම්කාර පේ‍්‍රමලාල් ජයසේකර සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.

Related posts

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday

කාන්තාවකට බලහත්කාරකමක්…! බෝගොල්ලාගමගේ බිරිද සහ දියණිය දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday