Colombo Today Local News

එදා රතුපස්වල කදුළු විකුණන් කෑ ජවිපෙ අද තඹුත්තේගම ගොවීන්ට පහරදීම ගැන නිහඩයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ගම වන තඹුත්තේගම පැවැති උද්ඝෝෂණයට පහරදීම සම්බන්ධව ජවිපෙ නායකයන් නිහඬව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද (01දා) පැවසීය.

රතුපස්වල ජනතාවගේ කඳුළු විකුණා පැමිණි ජවිපෙ ඇතුළු ආණ්ඩුව තඹුත්තේගම ජනතාවට සිහි නැතිවෙනතුරු පහරදුන් බවත්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය අතට ගෙන වැඩ පටන්ගත් පළමු දවස මෙය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම උද්ඝෝෂණයට පහරදීම සඳහා පොලීසියට අමතරව පොලු අතින් ගත් මැරයන් ගෙනවිත් තිබුණු ආකාරය වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන බවයි.

Related posts

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin

සම්බුදු හිමිට අපහාස කෙරු තවුහිඩ් ජමාඩ් නීතිපති හමුවට

colombotoday

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

colombotoday

පවතින නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් 01 වනදා තෙක් දීර්ඝ කරයි

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතර

colombotoday