Colombo Today Local News

සහනාධාර ප්‍රමාණවත් නෑ.. ජනතාව මර දුකේ.. මැති ඇමතීන් ෆේස්බුක් රංගනයේ

flood23233

ආපදාවට පත් ජනතාවට රජය විසින් සහන සැලසීමේදී කටයුතු කරමින් සිටින්නේ වගකීම් විරහිතව බැවින් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ රජය විසින් සමහර ප‍්‍රදේශවලට යම් සහනාධාර ප‍්‍රමාණයක් දුන්නද ඒ අවතැන් කදවූරුවල සිටින පිරිසට පමණක් බවත්, වැඩි පිරිසක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ තම නිවෙස්වලට වී සිටින බවත්ය.

එසේ නිවෙස්වලට වී සිටින ජනතාවට ආහාර පිලියෙල කිරීමට නොහැකි වී තිබෙන බවත්, වියළි ආහාර ද්‍රව්‍ය විනාශ වී ඇති බවත් ඔහු පවසයි.

දේශපාලඥයන් සිදු කරමින් සිටින්නේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුව දුක් බැලීමට ගොස් ඡුායාරූප රැගෙන තම ෆේස්බුක් පිටු සැරසීම බවත් විපතට පත් ජනතාවට කර කියා ගත නොහැකිව දැඩි ලෙස අසරණ වී සිටින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

ජයන්ත ද සිල්වාට සහ ජෙනරල් දයා රත්නායකට ලේකම් ධූර දෙකක්

colombotoday

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday

චතුර ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරයි.. යුද්ධය දිනන්න උදව්කළ හැටි හෙළිකරයි (Video)

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin