Colombo Today Local News

බුදු දහමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුව අදත් කැදවයි.. නීති උපදෙස් ඉල්ලා දෙවසරකට වැඩියි.. තාම නෑ..

සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට සහ බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගොණුකර තිබූ නඩුව නඩුව අද (22) කොළඹ අලුත්කඩේ අධිකරණයේදී විභාගයට ගැණිනි.

අදාළ දේශනයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇතිද නැද්ද යන්න මහේස්ත්‍රාත්වරයා විසින් බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුවෙන් විමසා තිබුණු අතර, එමගින් බුදු දහමට හිතාමතා අපහාස කර ඇති බවත්, ජාතීන් අතර අසමගිය ඇතිකිරීමේ අරමුණින් එය සිදුකර ඇති බව පෙනී යන බවත් අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියත් ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් අධිකරණයට දන්වා තිබිණි.

ඉදිරි නිතියමය කටයුතු සදහා නිර්දේශ ලබා ගැනීම සදහා අදාළ වාර්තාව සහ නඩුවේ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර වසර දෙකක් පමණ ගතවුවත් මේ වන තෙක් නීතිපතිවරයාගේ නිර්දේශ ලැබී නැහැ.

එනිසා නඩුව ලබන ජූනි 28 වන දින යළි කැදවීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

Related posts

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday

විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සහ හදිස්සි කැබිනට් රැස්වීමක්

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි… අප එයට ගරු කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නිලූකා

colombotoday

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday