Colombo Today Local News

තැළෙන,පොඩිවෙන,දුක් විඳින බඩගින්දර උහුලගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් ටිකක් හිතපල්ලා – ඥානසාර හිමි

රට බිල්ලට දෙන්නේ නැතිව මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ගරු කරමින් රට නිවැරැදි දිසාවකට යොමු කිරීම සඳහා සියලු දෙනා පෙළ ගැසිය යුතු බවට බොදු බල සේනා සංවිධානය ඉල්ලීමක් කරයි.

රාජගිරිය පිහිටි බොදු බලසේනා සංවිධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම ඉල්ලීම කළහ.
විධායක බලය යොදා ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටට නිසි නායකත්වය ලබාදිය යුතු බව පැවැසූ උන්වහන්සේ එහිදී මෙසේද සඳහන් කළහ.
මම මේ රටේ ජනාධිපතිවරයාට කියනවා කරුණාකරලා මේ රටට ජීවයක් දෙන්න. අපි අහන්න ඕනි මේ විධායක බලතල කොස් කොටන්නද කියලා.
ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා මේ බටහිරෙන් ආපු මේ කසිකබල් මතවාදවලටයි සිවිල් සංවිධාන කියන සිවල් සංවිධානවලට ඕනි විදියට මේ රට කරන්න ගියොත් අපිට මේ රටක් නැති වෙනවා.

අපි දන්නවා මේ කුණු ප්‍රජාතන්ත්‍රවාදී මායාව ඇතුළෙ සිංහලයො එක්ක වැඩක් කරන්න පුළුවන්ද? ඒ නිසා මේ බහුභූත නරි නාටක කරන්න එපා අපිට රටක් ඕනි. ඒ රට ගෙනියන්න ආණ්ඩුවක් ඕනි. ඒ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සු ටිකක් ඕනි. ඒකයි අපි ඇහුවෙ මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. කරුණාකරලා යූඑන්පීද, ශ්‍රී ලංකාද, ඒකාබද්ධද, ඒ එකක්වත් අපට අදාළ නෑ. අපි මේ රටේ සිංහල නායකයන්ට ආරාධනා කරනවා අර වලිගය විසින් බල්ලා නටවන න්‍යායට යන්නෙ නැතිව තම තමන්ගේ උද්ධච්චකම්, දඩබ්බරකම් එකිනෙකාට තියෙන ඇරියස් කවර් කරගන්න රට බිල්ලට දෙන්නෙ නැතිව එකතු වෙන්න කියලා.

රට බෙදුම්වාදයට තල්ලු කරන විජාතික බලවේග සැරිසරනවා. ඒ අතර පිරබාහරන් මරණයට පත්කිරීමෙන් ඇතිවෙච්ච ඒ වෛරය කේ‍රා්ධය මුල්කරගත්තු කල්ලි කණ්ඩායම් තියෙනවා.

අසාර්ථක සෙබළු පැත්තකට වෙන්න ඕනි. එක්කො මේක රනිල්ට කරන්න දෙන්න ඕනි ඇඟිලි ගහන්නෙ නැතිව. එයා එක්කෝ මේක කරයි. එක්කෝ ඒක ඉවර කරයි.
එහෙම නැත්නම් මේ රටේ සිංහල බහුතරයකගෙ අප්පච්චි බවට පත්වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට විතරයි මේක කරන්න පුළුවන් කියලා හිතන අය මේක එතුමාටම කරන්න දීලා සිරිසේන මහත්තයා පැත්තකට වෙලා ඉන්න ඕන. අද රටට මොකක් හරි ආණ්ඩුවක් රටට ඕනි. මෙහෙම ගන්ධබ්බ තත්ත්වයෙන් රට ඉදිරියට යන්න දෙන්න බෑ. මේ රටේ තැළෙන, පොඩිවෙන, දුක් විඳින බඩගින්දර උහුලගන්න බැරුව ඉන්න, බෙහෙත් පෙත්තක් ගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් අපි ඒ ඉල්ලීම කරනවා.

රටේ තරුණ ජීවිත විනාශය කරා ගෙනියන්න තවදුරටත් අපිට ඉඩදෙන්න බෑ. තරුණයො, කුපිත වෙලා කතා කරනවා අපිට ඇහෙනවා. තැන් තැන්වල තරුණයන් කඳවුරු බඳිමින් ඉන්නවා. ඒ නිසා මේ අර්බුදය ඛේදවාචකයක් බවට පත් කරන්න ඉඩ දෙන්නේ නැහැ.
මේ රටේ ගැහැනු ටික නැත්නම් මේ රටත් නෑ. ශාසනයත් නෑ. අපිත් නෑ. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා. කාලය නාස්ති කරනවා. වැඩක් කරන්නෙ නෑ. ටයි කෝට් දාගත්තු මහත්තුරු වගේ. මේ රටේ ඉන්න ගෑනු ටිකගේ ධෛර්ය නැත්නම් ඉවරයි.

අද මේ රට මහා මුග්ධ තත්ත්වයකට පත්වෙලා. මේ තරම් බණ අහන රටකට ඇයි මෙහෙම වුණේ. ඒක ගැටලුවක්. ඒ නිසා අපි මේ රටේ හාමුදුරුවන්ටත් ආරාධනා කරන්නෙ බණ කලාවෙ ඉඳලා වෙනසක් ඇති කරන්න. මේ රටට අවශ්‍ය නෙගෙටිව් බණ නෙවෙයි. පොසිට්ව් බණ. නිවන තමයි අපේ එකම අරමුණ. නමුත් කුසට අහරක්, පිරිසුදු වාතාශ්‍රයක් තියෙන්න ඕනිනෙ බණක් භාවනාවක් කරන්නත්. බඩට බත් නැති ප්‍රශ්න සමඟ ඉන්න ජාතියකට බණ කියලා වැඩක් නෑ.

Related posts

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

colombotoday

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

colombotoday

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin

ඉෂාලිනිගේ දේහය යලිත් භුමිදානය කෙරේ.

colombotoday