පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.